IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50යි

 

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර පිහිටි රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 50 ක් පමණක් නිකුත් කරන බවත් එක්දින සේවය සීමාකර ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මුද්‍රණයට මූලිකත්වය දුන් බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා අද (18) ‘ලංකාදීප’යට පැවසීය.

එක්දින සේවය දිනකට රියදුරු බලපත්‍ර 50 කට සීමා කළ ද හදිසියේ විදේශගත වීම ආදි කරුණු පිළිබඳව අවධානය යොමු කරන බව කී නිශාන්ත වීරසිංහ මහතා සෙසු අයදුම්කරුවන්ට සාමාන්‍ය සේවය යටතේ රියදුරු බලපත්‍ර අයදුම් කළ හැකි බව ද සඳහන් කළේය.

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 1800 ක් පමණ මේ වන විට දිනකට මුද්‍රණය කරන බව කී නිශානත් මහතා පැවසුවේ මුද්‍රණ යන්ත්‍රවල සහ සේවක ධාරිතාව අනුව දිනකට මුද්‍රණය කළ හැකි රියදුරු බලපත්‍ර සංඛ්‍යාව 2000 ක් පමණ වන බවයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ්පත් හිඟයකින් තොරව තිබූ කාලයේ එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 1500 ක් පමණ නිකුත් කළේය.   



අදහස් (3)

එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50යි

de silva Friday, 18 November 2022 03:50 PM

කලට වේලාවට ඕවා නිකුත් කරගන්න බැරි නම් මෙම රියදුරු බලපත් අර කළින් තිබුනා වගේ ජීවිත කාලයටම වලංගු ලෙස නිකුත් කරන්න. එවිට ඔය ප්‍රශ්නය සමනය වෙනවා. ආර්ථික ප්‍රශ්න නිසා ඉතා අසීරු අඩියකට වැටිලා ඉන්න ජනතාවට තවදුරටත් කරදර කරන්න එපා. මිනිස්සු ඉන්නේ විශාල පීඩනයක. අලුත් රියදුරු බලපත් පැමිණියා කියලා අනතුරු අඩු වෙන්නේ නැහැ...

:       0       4

sanjeewa Friday, 18 November 2022 04:42 PM

මොනවද මේ විකාර වැඩ? ඔය රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කරගන්න කාඩ්එකවත් ලංකාවේ නිෂ්පාදනය කරගන්න බැරිද? කතාකරන්නේ මහලොකුවට ලංකාවේ කාර් හදන්න, සරල ප්‍රශ්නයකටවත් රට තුළ විසඳුම් දෙන්න බැරි අපේ මුදල් නාස්ති කරන මේ ඇමැතිලා සහ නිලධාරියෝ වහාම ගෙදර අරින්න ඕනේ...

:       0       1

sanjeewa Friday, 18 November 2022 05:18 PM

ගාස්තුවත් වැඩිකළ එකේ ඕක කලට වේලාවට මුද්‍රණය කරලා දෙන්න බැරි මොකද? හැමෝම හදන්නේ ප්‍රශ්නයක් නිර්මාණය කරලා ඒකට මුවාවෙලා පගාව ගහන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site