IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එක්දින කණ්ඩායම අතරේ ශී‍්‍ර ලංකාවට පස්වැනි තැන

සෙල්කොන් කුසලාන තරගාවලියේ අවසන් තරගය පරාජය වූ නමුත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම හේතුවෙන් තවදුරටත් ශ්‍රේණිගත කිරීම් අතරේ පස්වැනි ස්ථානය ආරක්‍ෂා කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

ක්වීන්ස් පාක්  ඕවල් පිටියේදී ඉන්දියාවට එරෙහිව පැවැති අවසන් තරගය පරාජය වීමත් සමගම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 107 ක් දක්වා පහළ වැටුණ නමුත් ප‍්‍රසාද ලකුණු යාවත්කාලීන කිරීම සඳහා වසර 2010 ජූලි 31 වැනිදාට පෙර පැවැති තරග ඉවත් කිරීම නිසා ශී‍්‍ර ලංකා පිලට නැවතත් ප‍්‍රසාද ලකුණු 108 ම රඳවාගත හැකි විය.

ඉන්දීය කණ්ඩායම මෙම ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ පසුගිය පෙබරවාරි මාසයේදී එංගලන්ත පිල 3-2 කින් පරාජය කළදා සිටය.

වසර 2019 සිට ( ඕවර 50) ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 10 ක් අතර පමණක් පැවැත්වෙයි. එහිදී ශ්‍රේණිගත කිරීම අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8 නිරායාසයෙන්ම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අතර ඉතිරි ස්ථාන දෙකක් සඳහා සෙසු කණ්ඩායම් වලට තරග වැදීමට සිදුවෙයි.

 

එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්
(2013 වාර්ෂික යාවත්කාලීන කිරීමෙන් පසු)

 

ස්ථානය වෙනස කණ්ඩායම    ප‍්‍රසාද ලකුණු
1   ඉන්දියාව 122
2 (+1) ඕස්ටේ‍්‍රලියාව 114
3 (-1) එංගලන්තය 112
4   දකුණු අප‍්‍රිකාව 110
5   ශ‍්‍රී ලංකාව 108
6   පකිස්ථානය 101
7   බ. ඉ. කොදෙව් 90
8   නවසීලන්තය 89
9   බංග්ලාදේශය 76
10   සිම්බාබ්වෙ 55
11   අයර්ලන්තය 39
12 (+1) නෙදර්ලන්තය 13
13 (-1) කෙන්යාව 10



අදහස් (0)

එක්දින කණ්ඩායම අතරේ ශී‍්‍ර ලංකාවට පස්වැනි තැන

ලසන්ත Saturday, 13 July 2013 10:44 PM

එකනම් සතික ඇත්ත

:       0       0

විජේ Sunday, 14 July 2013 03:24 PM

මේ මොකද? මොනවද කරන්නේ? (දී)

:       0       0

අමිල Sunday, 14 July 2013 06:47 AM

අනේ කොල්ලෝ ටික,අපිව තව බිමට දන්නා එපා හොඳේ! (නි)

:       0       0

බංඩා Monday, 15 July 2013 12:44 AM

අපි මුල් 8 දෙනා අතර ඉන්න නිසා ගානක් නැහැ .(නදී)

:       0       0

දිලුම් Monday, 15 July 2013 02:39 AM

උත්සහකරොත් කණ්ඩායමට එහලට යන්න පුළුවන් වගකීමෙන් ක්‍රීඩා කරන්න ඕන. ඒ වගේම රට පෙරට තබා ක්‍රීඩා කරන්නත් ඕනා.(නදී)

:       0       0

ධම්මික Saturday, 13 July 2013 04:18 PM

ක්‍රිකට් වලදී අපි ඉන්දියාව කියන්නේ එකම රටක් එක නිසා අපි පළවෙනි තැන ඉන්නේ, මොකොද අපි ඉන්දියාවට හැමපාරම තරග තෑගි දෙන හින්ද .(අ)

:       0       0

ගයාන් Wednesday, 17 July 2013 12:55 PM

අනේ අනේ ක්‍රිකට් හදේ (නි)

:       0       0

වසන්ත Sunday, 14 July 2013 01:16 PM

අන්තිම ස්ථානයටම යන්න ඕනෑ (දී)

:       0       0

සිසර Saturday, 13 July 2013 08:40 PM

මෙහෙම ගියොත් කොතනින් නතර වෙයිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site