හරීන් ප‍්‍රනාන්දු සහ රවින්ද්‍ර සමරවීර යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස පත්වීම නිසා පුරප්පාඩු වූ ඌව පළාත් සභා මන්ත‍්‍රී ධූරයන්ගෙන් එකකට තමා පත් කරන ලෙස ඉල්ලා පළාත් සභා මැතිවරණයකට තරග කළ අපේක්ෂකයකු ගොනු කළ රිට් පෙත්සම විභාගය අද(14) අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව ප‍්‍රකාශ කිරීම කල් තැබීය.
පුරප්පාඩු වූ මන්ත‍්‍රීධූර වෙනුවට පෙත්සම්කරු හැර වෙනත් අයකු පත් කිරීම වළකාලමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වළක්වමින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මේ මස 20 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය තීරණය කළේය.
පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 20 වැනිදාට හෝ ඊට පෙර අධිකරණය හමුවට ගොනු කරන ලෙසද අධිකරණය පෙත්සම්කරුවන්ට හා වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලදී.
පුරප්පාඩුවූ ඌව පළාත් සභා එජාප මන්ත‍්‍රී ධූරයන්ගෙන් පළමුවැන්නට තමා පත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා මාළඹේ පදිංචි කේ.පී.ජී.පී විජේවර්ධන මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ඩබ්ලිව්.එස්.පටබැඳිගේ, එම්.සචිත‍්‍රානන්දන් ඌව පළාත් සභාවේ ලේකම් ඇතුළු 15 දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌව සබේ හබේට අධිකරණයේ විසඳුම කල් යයි