IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


​ඌව සබේ බේද නෑ

ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (21) පෙරවරුවේ පැවති  අවස්ථාවේ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත්  මන්ත්‍රීවරුන් හට  නියමිත අසුන්  පනවා නොතිබුණ හෙයින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා  නිදහස්  සන්ධානයේ  මන්ත්‍රීවරුන්ට  එකටම වාඩි වී  සිටිමට  සිදුවිය.මහ ඇමැති  චාමර  සම්පත් දසනායක මහතාට  සහ ජනතා  විමුක්ති  පෙරමුණේ  සමන්ත විද්‍යාරත්න , ආර්.එම්  ජයවර්ධන යන මන්ත්‍රීවරුන් දෙදෙනාට  නියමිත ආසන පනවා  තිබිණි.

ජනතා  නිදහස්  සන්ධානයේ  ඌව පළාත්  සභා  මන්ත්‍රිවරු  තමන්ගේ නම සඳහන්  කර  ආසන පනවා  නොතිබුණ හෙයින් මන්ත්‍රීවරුන්  තම තමන්ගේ  ආසන සොයා බලන අයුරු දක්නට  ලැබිණි.

ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සභාපතිතුමනි  මොකක්ද මේ සභාවට  වෙලා  තියෙන්නේ. මන්ත්‍රිවරුන්ට ආසන වෙන් කර  නැහැ.ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතා මන්ත්‍රිවරුන් සියලු දෙනා ඉදිරියේ දී කැඳවා  සාකච්ඡා කර  නියමිත පරිදි  නාමපුවරු  හදා අසුන් පනවන්නම් එතෙක් ඉවසාගෙන ඉන්න . ඌව පළාත් සභාවට  අමාත්‍යවරුන් ද පත් කර  නැත.

IMG_20150921_101018[1] IMG_20150921_100040[1] IMG_20150921_100049[1] IMG_20150921_100106[1]



අදහස් (0)

​ඌව සබේ බේද නෑ

දුමින්ද Monday, 21 September 2015 12:06 PM

වැඩ කරන්න තනතුරු ඕනද (අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 22 September 2015 03:33 AM

බැරිද මේ ක්‍රමය ලංකාවේ තියෙන සුසාන භූමි වලටත් හඳුන්වා දෙන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site