(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් සභා මාසික රැස්වීම අද (23) ආරම්භ වීමත් සමඟ එහි මුලසුන හෙඹවූ නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා සභා ශාලාවෙන් පිටව ගියහ.
ඌව පළාත් සභාවේ මාසික මහ සභා රැස්වීම අද පෙරවරු 10.30ට නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
සභා රැස්වීම ආරම්භ වීමත් සමඟ නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජයසිංහ බණ්ඩාර මහතා (එ.ජා.ප) ඉකුත් පළාත් සභා මාසික සභා රැස්වීමේ දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව මන්ත්‍රීවරුන් හත්දෙනෙකු අත්සන් කරගෙන ආ පසුව පරාජයට පත් වූ විශ්වාසභංග යෝජනාවට පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාත් අත්සන් කර ඇත.
ආණ්ඩු පක්ෂයේ සිටින ආණ්ඩු පක්ෂයේම ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව එසේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මේ නියෝජ්‍ය සභාපතිතුමා අද සභාවේ සභාපති පුටුවේ මුලසුන හෙඹවීය. එමනිසා විපක්ෂයේ (එ.ජා.ප) මන්ත්‍රීවරුන් කණ්ඩායම නියෝජ්‍ය සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරන තෙක් ඔහුට විරෝධය පළ කර සභා ශාලාවෙන් පිටත් වී ඇත.
අනතුරුව සභාවේ නියමිත ඝණපූර්ණය නොමැති හෙයින් සභාව පෙරවරු 10.35ට පමණ විනාඩි 10කට කල් තැබීමට නියෝජ්‍ය සභාපති විමල් ගලගමආරච්චි මහතාට සිදුවිය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.