IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඌව විසුරුවන්නත් කලින් ප්‍රතිපල එයි

එක්සත් ජාතික පක්ෂයේ හාලිඇළ නව සංවිධායක ජයන්ත කන්නන්ගර මහතා පිළිගැනීමේ උත්සවයක් අද (29) පැවැත්විමට තිබු හාලිඇළ හෝටලයට ගල් ගසා හානි කැර ඇතැයි පොලීසියට පැමිණිලි කැර තිබේ.

හෝටලයේ වීදුරුද පහත මාලයේ  යකඩ වැටද කඩා බිද දමා ඇත.

අද අලුයම දෙකහමාරට පමණ හෝටලයට කඩා වැදුණු මැරයන් සියළු සැරසිලි ද වනසා කොඩිද කඩා ඇතැයි කියති.

ඌව පළාත් සභාව ලබන ජුලීයේදී විසිරැවීමට නියමිතය.ඡන්ද ව්‍යාපාරය පටන් ගන්නටත් පෙර එජාපයට එල්ල කළ මේ ප්‍රහාරයෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම පෙනේ යැයි හාලිඇළ නව එජාප සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා කියයි.

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ඌව විසුරුවන්නත් කලින් ප්‍රතිපල එයි

අසංග Monday, 30 June 2014 12:58 PM

මෙයා ගැන අපි හොඳට දන්නවා, මේක මෙයාම කරගත්ත වැඩක් වෙන්න පුළුවන් ප්‍රසිද්ධ වෙන්න. (ස)

:       0       0

ප්‍රියං Sunday, 29 June 2014 11:25 AM

මේක තමයි දේශපාලනය. අනුමත කරන්න බැහැ. ඒ උනාට තමන් හදපු දේවල් වලින්ම තමන් බැට කනවා. (දී)

:       0       0

අසේල Sunday, 29 June 2014 11:47 AM

කළහ කාරී ලෙස හැසිරීමෙන් වෙන්නේ ප්‍රශ්න දුරදිග යාම මිසක වෙන යම් දෙයක් නොවෙයි (දී)

:       0       0

සුනිල් රියාද් සිට Sunday, 29 June 2014 11:59 AM

මේවා ප්‍රචාරය අරමුණු කරගෙන තමන්ම කරගන්න වැඩ . මේවට කියන්නේ ප්‍රචාරණ උපක්‍රම දැන් ජනතාව දන්නවා ඕව. (දී)

:       0       0

සුගත් ද අල්විස් Sunday, 29 June 2014 12:01 PM

ඕවා නොවෙයි කරන්න ඕනේ දේශපාලකයින් ඔය තැනට ගෙනාව අහිංසක මිනිස්සුන්ට වීමට ජිවන බර අඩු කරලා දෙන්න (දී)

:       0       0

ටානියා Sunday, 29 June 2014 12:03 PM

කලකිරෙනවා දේශපාලනය ගැන (දී)

:       0       0

ක්‍රිෂාන් දිසානායක Sunday, 29 June 2014 12:17 PM

ඹව්වා සාමාන්‍ය ජනතාව වන අපට අදාල ප්‍රශ්න නෙමෙයි ඹ්ගොල්ලොම විසදගන්න අපිට අපේ ප්‍රශ්න තියෙනවා ඹ්නෙතරම් හිතන්න(දී)

:       0       0

ක්‍රිෂාන් දිසානායක Sunday, 29 June 2014 12:17 PM

ඹව්වා සාමාන්‍ය ජනතාව වන අපට අදාල ප්‍රශ්න නෙමෙයි ඹ්ගොල්ලොම විසදගන්න අපිට අපේ ප්‍රශ්න තියෙනවා ඹ්නෙතරම් හිතන්න(දී)

:       0       0

රණවක Sunday, 29 June 2014 12:18 PM

පක්ෂ පාට බේද වලින් වැඩක් නැහැ. කවුරුත් එකයි (දී)

:       0       0

බණ්ඩාර Sunday, 29 June 2014 12:40 PM

ඔන්න චන්ද දායකයින්ට හොද අවස්ථාවක් කාවද තෝරාගන්නේ කියලා තීරණය කරන්න (දී)

:       0       0

වාසු Sunday, 29 June 2014 12:40 PM

නීතිය අතට ගන්න කාටවත් බැහැ, නීතිය ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

අහිංසා Sunday, 29 June 2014 12:49 PM

ලංකාවේ චන්ද දායකයාගේ චින්තනය වෙනසක් විය යුතුම කාලයයි මේ..ඇස් කන් නාසය තිබුනාට මදි...හොඳ නරක විශ්ලේෂණය කරගන්න මොලයක් වගේම සංවේදී හදවතක් චන්ද දායකයාට තිබිය යුතුයි ....බත් පැකට් එකට අරක්කු බෝතලයට නැතිනම් රුපියල් 1000 ට තම ආත්මයම පාවාදෙන චන්ද දායකයින් ලංකාවට එපා...අපි බලාගෙන ඉමු ඌව පළාතේ චන්ද දායකයින්ගේ වැඩ... (දී)

:       0       0

සඳරුවන් Sunday, 29 June 2014 12:51 PM

ඔක්කොම මේ අපිට සේවය කරන්නනේ මේ දඟලන්නේ. පව් (දී)

:       0       0

රන්ජි Sunday, 29 June 2014 01:16 PM

ඉබේ උනාද දන්නේ නැහැ (දී)

:       0       0

ලක්ශික Sunday, 29 June 2014 01:34 PM

අන්න හොදයි ආදර්ශමත් (දී)

:       0       0

නිමල් Tuesday, 01 July 2014 08:21 AM

ආණ්ඩුව බය වෙච්ච තරම පේනවා නේද? (නදී)

:       0       0

බමුණු Monday, 30 June 2014 06:13 PM

අපේ මිනිසුන්ට මොලේ පැදුනදාට බලා ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියල. (දී)

:       0       0

සනත් Monday, 30 June 2014 12:25 PM

මොකද මේ පටන්ගත්දිම බයවෙලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site