IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඌව මැර ක්‍රියා තවත් නඟී

ඌව පළාත් සභා ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා   ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

බුත්තල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ මොනරාගල දිස්ත්‍රික් එජාප අපේක්ෂක විජේසිංහ හේරත් මුදියන්සේලාගේ ධර්මසේනගේ බුත්තල කතරගම පාරේ පිහිටි කාර්යාලයයට අද අලුයම එල්ලවූ ප්‍රහාරයකින් කාර්යාලයය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මොණරාගල දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යනුකූල හා නීත්‍යනුකූල නොවන කාර්යාල දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් තිබුණ ද එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට අයත් කාර්යාලයවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වන බව කැෆේ සංවිධානය පවසයි.

ගරාජ් අංක සහ අංක තහඩු රහිත වාහනවලින් පැමිණි කණ්ඩායම් මොරණරාගල ප්‍රහාර එල්ල කරන බව විපක්ෂයේ අපේක්ෂකයෝ කියති.

kataragama-jeep nelumgama-(2) nelumgama-(3) UNP-KARYALAYA-BUTTALA-HATARAMAN-HANDIYA-(6)



අදහස් (0)

ඌව මැර ක්‍රියා තවත් නඟී

උපාලි Wednesday, 03 September 2014 12:52 AM

අනේ ඉතින් ජනතාවට පුළුවන් තරම් හොඳින් සේවය කරන්නනේ මේ මහන්සි වෙන්නේ. පොලු මුගුරු පාවිච්චි කරලා ඒ මහත්වරුන්ගේ සියුමැලි අත් රිදෙනවත් ඇති. පව්. (නි)

:       0       0

සරත්, ඇමරිකාව Wednesday, 03 September 2014 01:35 AM

මට මතක්වෙනවා 1980 කාලය... (නි)

:       0       0

ගාමිණී Tuesday, 02 September 2014 09:43 AM

බලය තිබෙනතුරු චණ්ඩිකම් කරාවි. මෙතන ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? (නි)

:       0       0

ගමගේ Wednesday, 03 September 2014 01:43 AM

මානව හිමිකම් කොමිසමට මේ වගේ දේවලුත් වාර්තා වෙනවා ඇති (නි)

:       0       0

අශාන් Wednesday, 03 September 2014 02:49 AM

අපේ බන්දුල පෙරේරා සද්දයක් නැත්තේ එතුමත් ඌවට ගිහින්වද්ද? (නි)

:       0       0

ජෙරාඩ් Tuesday, 02 September 2014 10:01 AM

ජන මතයට ගරු කරන්න තරම් බුද්ධියක් නැති මිනිස්සු දේශපාලනයට පැමිණිවිට වෙන වින්නැහිය තමයි මේ. (නි)

:       0       0

කුමාර Wednesday, 03 September 2014 11:37 AM

මම මේ පක්ෂ බේදයක් නැතුව කියන්නේ, අද අනෙක් පක්ෂයක් බලයේ හිටියත් මේකම නේද වෙන්නේ? (නි)

:       0       0

ධම්ම Tuesday, 02 September 2014 10:29 AM

කොහොමහරි දිනන්න ඕනෑ (නි)

:       0       0

මහේෂ්‍ Wednesday, 03 September 2014 11:42 AM

අපිට තියෙන ආදරේටනේ ඔයතරම් මහන්සි වෙන්නේ මනාප ටික ගන්න. (නි)

:       0       0

ජොහාන් Tuesday, 02 September 2014 10:39 AM

මොකද මේ මැරබලය ඔච්චරටම යොදවන්නේ? (නි)

:       0       0

මෙත්මල් Wednesday, 03 September 2014 03:56 AM

දෙවියන්ටත් වංචා කරන සමහර අයගෙන් ජනතාවට සාධාරණය බලාපොරොත්තු වියහැකිද? (නි)

:       0       0

රත්න Tuesday, 02 September 2014 10:42 AM

අපි මැරයන් පත්කරවන ඡන්දය වර්ජනය කරමු. (නි)

:       0       0

ගාමිණී Tuesday, 02 September 2014 10:46 AM

මේවා කරන අයට කවදාහෝ මේවා පළදෙයි (නි)

:       0       0

පියුමි Tuesday, 02 September 2014 10:58 AM

තවත් දෙමුකෝ ඡන්දෙත් ඉතින්... (නි)

:       0       0

පද්මිණි Tuesday, 02 September 2014 11:12 AM

මේ වගේ අයට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? (නි)

:       0       0

ලලිත් Tuesday, 02 September 2014 11:16 AM

ඔහොමද ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්ද කරන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 02 September 2014 11:43 AM

මේවා දකිනකොට අනේ අපොයි කියලා හිතෙනවා. (නි)

:       0       0

ශාන්ත Tuesday, 02 September 2014 11:43 AM

හිනාත් යනවා මේවා දකිනකො‍ට (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 02 September 2014 11:50 AM

සමහර අය හිතාගෙන ඉන්නේ තමන්ගේ ඔලුවට උඩින් කපුටෙකුටවත් ඉගිලෙන්න බැහැ කියලයි (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 02 September 2014 11:56 AM

බලනකොට මේක මැර ඡන්ද ව්‍යාපාරයක් මිසක් නිදහස් ඡන්ද ව්‍යාපාරයක් නෙමෙයිනේ.ඡන්දෙන් පත්වෙන උදවියත් මැර බලයෙන් මිස ජනතා කැමැත්තෙන් පත්වෙන උදවිය නෙමෙයි වගේ. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 02 September 2014 12:09 PM

අවංකව ජනතා සේවය කරන්න මේ වගේ මැර වැඩ කරලා බලයට එන්න ඕනෑද? ඌව ජනතාවනි, මේ ගැන දෙවරක් හිතා බලන්න (නි)

:       0       0

ජගත් Tuesday, 02 September 2014 12:21 PM

පිරිවර හැඳිනගෙන, මේ ලෙස විපත දෙන සුරිඳුනි කතරගම, ඔබේ නෙත් හෙලනු මැන (නි)

:       0       0

සේන Tuesday, 02 September 2014 12:35 PM

පත්වෙන්න කලින් මෙච්චරම මැරවැඩ කරනවා නම් පත්වුණාට පස්සේ කොච්චර මැරවැඩ කරයිද? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 03 September 2014 05:57 AM

ඌවේ සියලුම දෙනා ඡන්දය දැමුවොත් මැරයන් පරාජය කළහැකියි. (නි)

:       0       0

කුමාර් Tuesday, 02 September 2014 12:47 PM

රටේ නීතිය අගාධයටම ගොස් තිබෙන අවස්ථාවක් මේක!!! (නි)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 02 September 2014 12:51 PM

දේශපාලනය කරන්න හෘද සාක්ෂිය අවශ්‍ය නැති බව නම් පැහැදිලියි. (නි)

:       0       0

රොකී Tuesday, 02 September 2014 01:37 PM

සාධාරණ සාමකාමී විදිහට මැතිවරණයක් තියන්න බැරිනම් මැකෝ මහත්තයෝ, ඇයි තවත් බල බලා ඉන්නේ? ජීවිත කිහිපයක් නිකරුනේ විනාශ වෙන්න පෙර මැතිවරණය අවලංගු කරලා දාන්න. (නි)

:       0       0

සුනෙත් Tuesday, 02 September 2014 03:24 PM

ඔය කියන උදවිය කාටද පක්ෂ කියල ජනතාව දන්නවා. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 02 September 2014 04:18 PM

මේවා පෙනි පෙනී තවත් ඡන්දෙත් දෙමුකෝ (නි)

:       0       0

බණ්ඩා Wednesday, 03 September 2014 08:07 AM

මොනවා උනත් මේ තියෙන ආණ්ඩුව හොදයි (නදී)

:       0       0

අජිත් Tuesday, 02 September 2014 09:12 PM

මම ඉන්නේ පිටරට. අපේ රට ගැනයි අපේ මිනිස්සු ගැනයි මට පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)

:       0       0

පියදාස Tuesday, 02 September 2014 11:23 PM

ඔය සංවිධාන වලින් වැඩක් තිබේද? මොකක්ද ලැබුණ ප්‍රතිඵලය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site