IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඌවේ තවත් ඡන්ද ප්‍රතිඵලයක්

එක්සත් ජාතික පක්ෂයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න සන්ධානයේ පිරිසකගේ කඩු පහරට ලක්ව මද වේලාවකට පෙර රෝහල්ගත කරනු ලැබීය. එම පිරිස අතර හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාද සිටි බව කරුණාරත්න මහතා පොලිසියට කියා ඇත. එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියමිතය.



අදහස් (0)

ඌවේ තවත් ඡන්ද ප්‍රතිඵලයක්

පුෂ්කුමාර Sunday, 21 September 2014 03:59 AM

උගත්කමේ තරම තමයි ඔය පෙන්වන්නේ. හරිම ලැජ්ජයි ලංකාවේ දේශපාලුවන් ගැන (නි)

:       0       0

පද්මිණි Sunday, 21 September 2014 04:08 AM

මීළඟ මැතිවරණය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා රෝහල් වල ඡන්ද විමසීම සුදුසු බව ශ්‍රී ලංකික පුරවැසියෙකු ලෙස ආඩම්බරයෙන් යෝජනා කරමි. (නි)

:       0       0

ධනුෂ්ක Sunday, 21 September 2014 04:10 AM

විපක්ෂය එකමුතු වුවහොත් මෙම පාලනය අවසන් කළහැකි බව පැහැදිලි වන ප්‍රතිඵලයක්. (නි)

:       0       0

ධම්ම Sunday, 21 September 2014 04:22 AM

එක අතකට ඔය නියෝජිතයෝ එකිනෙකා කපා කොටා ගත්තාට කමක් නැහැ දුප්පත් ඡන්ද දායකයින්ට හිරිහැර නොකර. (නදී)

:       0       0

රෝහණ Sunday, 21 September 2014 05:17 AM

මොනරාගල ජනතාව ගැන කනගාටුයි. (නදී)

:       0       0

රුමේෂ් Sunday, 21 September 2014 02:09 AM

වල්මත් වෙලා වගෙයි හැසිරෙන්නේ. හිතාගෙන ඉන්න ඇති රටේ ජනතාව හැමදාම අහුවෙයි කියලා බොරු වලට (නි)

:       0       0

රන්ජිත් Sunday, 21 September 2014 02:20 AM

අහිංසක මිනිසුන්ගේ ජීවිත වල වටිනාකමක් දන්නේ නැති ජාතියක් ලෙස දේශපාලනයට රිංගාගෙන පුද්ගලික තරහ පිරිමහන මිනිස්සු.... (නි)

:       0       0

කුසල් Sunday, 21 September 2014 02:28 AM

ලංකාවේ මේ ප්‍රාදේශීය සභා සියල්ලම අහෝසි කරනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද හැමතැනම වැඩියෙන්ම තිරිසන් විදියට හැසිරෙන්නේ ප්‍රාදේශීය සභා සභිකයන් බවයි පෙනෙන්නේ. ගම්වල බලපත්‍රලාභී චණ්ඩි මෙයාලා තමයි. මෙයාලා නිසා තමයි රජය වැඩියෙන්ම අප්‍රසාදයට ලක්වෙන්නේ. (නි)

:       0       0

අශාන් Sunday, 21 September 2014 02:29 AM

ලැබුණු ප්‍රතිඵලය ගැන ලැජ්ජාවට කරන වැඩ මේවා. හරීන්ගේ ජය ගමන ඇරඹුනා (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 21 September 2014 02:36 AM

මෙතරම් මැරකම් මැද බදුල්ල ලැබූ ප්‍රතිඵලය විරුද්ධ පක්ෂයට විශාල හයියක්. නිවැරදි තීරණ අරගෙන දක්ෂ තරුණයින් සන්විධාකයින් බවට පත්කළ යුතුයි. හරින් මහතා ගැන ජනතාව ආඩම්බරයි! (නි)

:       0       0

සනත් Sunday, 21 September 2014 03:08 AM

මේ මිනිස්සු ජනතාවට සේවය කරන්නද මේ විදිහට මරාගන්නේ. ලංකාවේ ජනතාවට ඇයි මේක තේරෙන්නේ නැත්තේ කියල මට නම් හරිම ප්‍රශ්ණයක් (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 21 September 2014 03:13 AM

මම මොන ආකාරයකවත් ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරන කෙනෙක් නෙමෙයි..නමුත් කිව යුත්තක් තියෙනවා..අපි වපුරන තරමට තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ..ජයග්‍රහණය පැත්ත මාරු වුනු දවසට, මේ සන්ධාන රජය බිද වැටිලා එක්සත් ජාතික පක්ෂ රජයක් ආපු දවසක කට්ටියට මන් හිතන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ මොනවගේ බිහිසුණු කුරිරු දෙයක්ද කියල අත් විදින්න පුළුවන් වේවි..මේවට ප්‍රචණ්ඩ ක්‍රියා කියන කට්ටියට එදාට ඒවාට කියන්න වදන් නැති වේවි.එක්සත් ජාතික පක්ෂ ආධාර කරුව කියන්නේ මැතිවරණ ජයග්‍රහණයකදී තිරිසන් සත්වයෙක්..(ස)

:       0       0

නිමල් ලලිත Sunday, 21 September 2014 03:28 AM

පක්ෂය කුමක් වුවත් මේ වගේ දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන අයට ශාප වේවා! තව කිව යුතු දේවල් ඇතත්, කීමට නොහැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site