IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ඌරු උණ වයිරසය සහිත ඌරු මස් තොගයක් හමුවේ

(තිස්ස කොටින්කඩුව)

දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයකට අයත් වැලිසර ශීත ගබඩාවක ගබඩා කර තිබූ ඌරු උණ වයිරසය අඩංගු බවට තහවුරු වූ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදන තොගයක් අද (27) විනාශ කළ බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සංජික පෙරේරා මහතා පැවසීය.

මෙම උත්සව සමයේ දී වෙළෙඳපොළට නිකුත් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආනයනය කර තිබූ බව පැවසෙන මෙම සොසේජස් සහ මස් නිෂ්පාදන රේගු සහ නිරෝධායන අංශය විසින් පසුගියදා සොයාගනු ලැබීය.

මෙම මස් නිෂ්පාදන චීනයේ සිට මෙරටට ආනයනය කර ඇතැයිද පැවැසේ.

මෙසේ විනාශ කළ මාංශ තොගයට ශීතකරණ ලද නැවුම් තාරා මස් කිලෝග්‍රෑම් 56ක් ද තාරා ඔළු කිලෝ ග්‍රෑම් 132 ක් ද ඌරු මස් කිලෝ ග්‍රෑම් 12ක්ද කුකුළු තටු කිලෝ ග්‍රෑම් 20ක් සහ ස්විට් කෝන් රෝල් සොසේජස් කිලෝ ග්‍රෑම් 288 ක්ද ඇතුළත් වන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සූකර උණ මිනිසුන්ට කෙළින්ම බලනොපාන නමුත් යම් හෙයකින් මෙම වයිරසය සමාජගත වූයේ නම් මෙරට ඌරු ගොවිපොළ සම්පූර්ණයෙන් විනාශවීමට ඉඩ තිබූ බවත් පශු සම්පත් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (3)

ඌරු උණ වයිරසය සහිත ඌරු මස් තොගයක් හමුවේ

Sachith Thursday, 28 December 2023 07:50 AM

"දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයකට අයත්" ඇයි මෙ ආයතනවල නම් දාන්නෙ නැත්තෙ? පොඩි මිනිහෙක් එහෙම කරානම් නම, ගම, ජාතික හැදුනුම්පත් අන්කෙත් දානව.

:       0       0

Lalla Thursday, 28 December 2023 09:02 AM

ඕවා ගෙන්වපු සමාගම ප්‍රසිද්ධ නොකරන හේතුව...? එහෙම කළාම මහජනතාව ඒක වර්ජනය කරයි. ප්‍රශ්න ඉවරයි...

:       0       0

Prabha Thursday, 28 December 2023 03:21 PM

ඔය සමාගමේ නම දැම්මා නම් හරි, මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 178 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2288 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site