(අංජුල මහික වීරරත්න)
ඌරන්ට ආහාර පිණිස දුන් කුකුළු පැටවුන් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා හරින්නට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපොළවල බිහි කරනු ලබන පිරිමි කුකුළු පැටවුන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඌරු ගොවිපොළවල ඌරන්ට කෑම සඳහා යොදන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබිණි.
මෙම කුකුළු පැටවුන් සතිපතා 5000ක් බැගින් ඒ අන්දමට ඌරු ගොවිපොළවලට ලබා දී ඇත.
රැකියා විරහිතව සිටින පුද්ගලයින්ට මෙම සතුන් නොමිලයේ ලබා දී ඔවුන්ගේ දෛනික ආදායම වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ඒ අනුව මෙතෙක් සතියකට පිරිමි කුකුළු පැටවුන් 5000ක් බැගින් ඌරන්ගේ ආහාරය සඳහා යොදවා තිබු අතර එම සතුන් මස් පිණිස කුකුළු පාලනය සඳහා කැමැති පුද්ගලයින් අතර බෙදා දීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පියවර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌරන්ට බොජුනක් වූ කුකුළු පැටවුන් සත්ව පාලකයන්ට
රංබොඉ Tuesday, 12 December 2023 12:54 PM
හපොයි ! මෙහෙමත් පවුකාර ව්‍යාපාර
M.R.Withanachchi Tuesday, 12 December 2023 12:59 PM
මටත් 10 - හරි 05 ක් වත් දෙන්න !!
සමන්තා Tuesday, 12 December 2023 05:30 PM
ඇත්තටම ගෝඨාභය ජනාධිපතිට පෝස්ටර් ගැසූ නූගතුන් ලක්ෂයකට රජයේ රැකියා දෙනවිට මෙහෙම අදහසක් ඇතිවුණේ නැද්ද කියලා අහන්න හිතෙනවා. එහෙම වුණා නම් අනාගතයේ රටේ සංවර්ධනය කොහොම වෙන්න තිබුණාද? ප්‍රේමදාස ජනාධිපති ව්‍යාපෘති 15000 ක් මගින් මෙහෙම දේවල් කරන්න සැලසුම් කළත් හදිසියේ මියගිය නිසා එම කටයුතු අඩාල වුණා...!
chandani Tuesday, 12 December 2023 05:45 PM
උදේ පාන්දරම පිරිත් කියලා වැඩ අල්ලන ධර්ම ද්විපයේ වැඩ කිඩ..