IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උ.පෙළ කල්දමන්නැයි ගම්මන්පිලගෙන් විද්‍යුත් පෙත්සමක්

(ඩයනා උදයංගනී)

අ.පො.ස උසස් පෙළ 2022 විභාගය පැවැත්වීම 2023 පෙබරවාරි මස දක්වා කල් දමන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා විද්‍යුත් පෙත්සමක් අත්සන් තැබීම ආරම්භ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් අධ්‍යාපනය සිදු කළ සම්පූර්ණ කාලය පුරාම කොරෝනා වසංගතය පැවතීම හේතුවෙන් පාසල් සහ උපකාරක පන්ති නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම, ඉතිහාසයේ දිගුම ගුරු වැඩවර්ජනය සිදුවීම, ජන අරගල, ඇඳිරි නීතිය පැනවීම, දින ගණන් ඇදුනු ප්‍රචණ්ඩ තෙල් සහ ගෑස් පෝලිම් පැවතීම, නිරන්තර විදුලි කප්පාදුව, ඉන්ධන හිඟයෙන් ගමනාගමනය අඩපණ වීම, ආර්ථික අර්බූදය හේතුවෙන් ගෘහස්තව අසහනකාරි තත්වයක් පැන නැගීම, පසුගිය උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සහ ඊ ළඟ උසස් පෙළ විභාගය පැවැත්වීම අතර සාමාන්‍යයෙන් පැවතිය යුතු දින 280ක පමණ පරතරය මෙවර දින 98කට සීමාවීම නිසා දෙවන සහ තෙවන වර විභාගයට සූදානම් වන අයට මෙන්ම පාඨමාලා වෙනස් කරන අයට විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම යන හේතු මත මෙම ඉල්ලීම කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවර අපොස උසස් පෙළ විභාගය කල් දැමිය යුතුයැයි විශ්වාස කරන මෙවර විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට  www.udayagammanpila.com/petition  යන යොමුව හරහා මෙම විද්‍යුත් පෙත්සමට අත්සන් තැබිය හැකි බව ද ගම්මන්පිල මහතා කීවේය. 



අදහස් (1)

උ.පෙළ කල්දමන්නැයි ගම්මන්පිලගෙන් විද්‍යුත් පෙත්සමක්

සමන් Thursday, 06 October 2022 06:58 PM

එතකොට මේ අවුරුද්දේ පළමු වරට විභාගය සඳහා පෙනී සිටින දස දහස් ගණන් දරුවන් වෙනුවෙන් උදය ගම්මන්පිල පෙනී සිටින්නේ නැද්ද? දෙවන වර විභාගය සඳහා පෙනී සිටින 8000ක් පමණ දරුවන් නිසා සිය දහස් ගණනක් දරුවන්ගේ අනාගතය පස්සට දමන එක හරිද. ඊගාවට ඒ ළමයින් මෙවර අසමත්වී ලබන වසරේ නැවත වරක් විභාගය ගන්න ගියොත් ගම්මන්පිල කියන්නේ හැමදාම විභාගය කල් දාන්න කියලද. අනික, ඔහු 5 ශිෂ්‍යත්වය කල් දාන්න කියන්නේ නැත්තේ ඇයි. සාමාන්‍ය පෙළ කල් දාන්න කියන්නේ නැත්තේ ඇයි. ඒ ළමයිනුත් ඔය කියන ප්‍රශ්න වලට මුහුණ දුන්නා නේද. සුළුතරයක් වෙනුවෙන් බහුතරයක් අමාරුවේ වැටෙනවා කියලා තේරෙන්නේ නැද්ද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site