
(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම සාධාරණ නොවන නිසා එම කාලය තුළ විදුලි කප්පාදුව අත්හිටුවීමට ක්‍රමයක් සකස් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය.
විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලා සිටින ලෙස සහ විභාග කාලසටහන යොමුකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් කොමිසම ලිඛිත ඉල්ලීමක් මේ වන විටත් කර ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් පැවසීය.
අපොස උසස් පෙළ විභාගය (2022) මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.