(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගය (2022) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (18) පැවසීය.
බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ ද, විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්‍ෂකයන් සඳහා රත්මලාන සහ තංගල්ලේ ද, මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් එම රෝහලේ ද, විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවත් එම මධ්‍යස්ථාන හතරත් සමගින් මෙවර විභාගය මධ්‍යස්ථාන 2200 ක පැවැත්වෙන බවත් ජයසුන්දර මහතා කීය.
මෙවර විභාගය සඳහා පාසල් අපේක්‍ෂකයන් 278,196 ක් සහ පෞද්ගලික අපේක්‍ෂකයන් 53,513 ක් සමඟ සම්පූර්ණ අපේක්‍ෂකයන් 331,709 ක් සහභාගි වීමට නියමිත බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 317 ක් මගින් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා සිට පෙරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් පැවැත්වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උසස් පෙළ විභාගයට විශේෂ මධ්‍යස්ථාන 4 ක්