IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ මුල් තැන් කොළඹට/ගම්පහට හා කුරුණෑගලට

2015 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයයේ දසුන් ජයසිංහ සිසුවා ද, විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නනාවලී බාලිකා විද්‍යාලයයේ තෙපුලි උමේෂා ශිෂ්‍යාව ද, ඉංජිනේරු තාක්ෂණ අංශයේ ප්‍රථම ස්ථානය මාතතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ සසන්ක අනුරුද්ධ ශිෂ්‍යයා ද හිමි කරගෙන ඇත.

කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ අකිල් මොහොමඩ් වාණිජ අංශයේ ප්‍රථමයා ය.

කලා අංශයේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකාවේ ජීවා නයනමාලි ද, පොදු විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයයේ බුද්ධිකා චතුරංගි  හිමි කර ගත්හ.

අ.පො.ස උසස් පෙළ විභාගයේ ගැඹුර වටහාගෙන සාමාන්‍ය පෙළ අවසන් වූ දා සිටම එයට සූදානම් වු නිසා දිවයිනෙන්ම ප‍්‍රථමයා ලෙස සමත්වීමට තමන්ට හැකි වූ බව ගණිත අංශයෙන් දිවයිනේ ප‍්‍රථමයා වූ කොළඹ රාජකීය විද්‍යාලයේ දසුන්  ඕෂධ ජයසිංහ සිසුවා පැවසීය.

ඕෂධ 2012 වසරේ අ.පො.ස සාමාන්‍යපෙළ විභාගය සමත්වූයේ ද දිවයිනේම ප‍්‍රථමයා ලෙසිනි.

ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි  ඕෂධ මූලික අධ්‍යාපනය ලබාඇත්තේ ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයෙනි.

AL_2016132

royal-2016132 royal-2016132-2

ඡායාරූප හා වීිඩියෝ - ලහිරු හර්ෂණ

DSC_1288 AKEEL-MOHOMED-(-COMMERCE-FIRST---MALIYADEWA-BOYS-) JEEVA-NAYANAMALI-(-ART-FIRST--MALIYADEWA--GIRLS-) DSC_1279

ඡායාරූප පුෂ්පකුමාර ජයරත්න

2014 උසස් පෙළ විභාගය පෙනි සිටි පුත්තලම ජනාධිපති විද්‍යා විද්‍යාලයේ ජේ. එම්. එම්. මුන්සිෆ් දෙමළ මාධයෙන් උසස් පෙළට පෙනි  සිට උසස් පෙළ උද්භිද විද්‍යාව දෙවන තැන හිමි කරගත්තේය.

DSC01507 DSC01520 DSC01540

ඡායාරූප හිරාන් ප්‍රියංකර



අදහස් (0)

උසස් පෙළ මුල් තැන් කොළඹට/ගම්පහට හා කුරුණෑගලට

බී.එම්.පී. බණ්ඩාර Sunday, 03 January 2016 11:01 PM

තාක්ෂණයෙන් ගම්පහ පළවෙනියා රත්නාවලී විද්‍යාලයෙන් (අ) )

:       0       0

රුචිර Sunday, 03 January 2016 08:20 AM

සුභ අනාගතයක් ඔබ සැමට! විශ්ව විද්‍යාලයට ගිහින් දේශපාලන කටයුතු වලට සහ පෙළපාලි වලට නොයා දෙමවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ ගෞරවය රැකෙන විදිහට අනාගතය ගොඩනඟාගන්න සියලු ධෛර්යය ලැබේවා! ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. (නි)

:       0       0

ඉනෝකා Monday, 04 January 2016 01:11 AM

දරුවනේ, ඔබගේ අනාගතය දීප්තිමත් වේවා...! සැමට සුබ පැතුම්....! (නි)

:       0       0

රන්ජිත් ගුණසේකර Sunday, 03 January 2016 09:31 AM

ඔබ සැමට සුබ පැතුම් (හේ)

:       0       0

නිකුලස් Thursday, 14 January 2016 03:02 PM

ඔබ සැමට සුබපතමි බෝහෝ හොදියි (අ)

:       0       0

චන්ද්‍රිකා Monday, 04 January 2016 03:23 AM

ජයග්‍රාහී ඔබ සියලු දෙනාට මගේ උණුසුම් සුබ පැතුම් දරුවනේ. (ස)

:       0       0

රුවන් Monday, 04 January 2016 03:33 AM

සුබ පැතුම් දරුවනේ ඔබ සැමට. (ස)

:       0       0

ප්‍රසාදිනි Monday, 04 January 2016 03:48 AM

පොදු විෂය අංශයේ ප්‍රථම ස්ථානය (ගණිතය සමග තොරතුරු තාක්ෂණය) රත්නපුර සීවලී ශිෂ්‍යයා කෝ? (ස)

:       0       0

පුබුදු Sunday, 03 January 2016 09:49 AM

සියලු දෙනාටම මගේ උණුසුම් සුබ පැතුම්. අනාගතයේදී ශ්‍රී ලංකාවට වැඩදායක පිරිසක් වේවා !! (බ)

:       0       0

ෂාෆීක් Monday, 04 January 2016 04:30 AM

ඔබගේ අනාගතය දීප්තිමත් වේවා...! සැමට සුබ පැතුම් (ම)

:       0       0

ප්‍රභාත් කුලතුංග Sunday, 03 January 2016 10:14 AM

ඔබලාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! (බ)

:       0       0

සජිත් Sunday, 03 January 2016 10:18 AM

ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ශිෂ්‍යයා කෝ. එයාගෙත් පින්තුර දාල නගරයත් දැම්මොත් ගොඩක් සතුටු වෙයි. හැමෝටම සුබ පතනවා.(බ)

:       0       0

පනාවීර Monday, 04 January 2016 04:50 AM

සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්! (බ)

:       0       0

අභීතා Sunday, 03 January 2016 11:57 AM

අනේ ළමයිනේ ලංකාවට බරක් නොවී රටට ආඩම්බරයක් වෙන්ඩ, හොදට විබාගෙය් පාස් උනාවගේම උපාදියත් හරියටම කරලා උද්ඝොසනවලට නොයා ස්ට්‍රිකේ කරන්නේ නැතුව සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් කරන්ඩ වාසනාව ලැබේව (කෞ)

:       0       0

කුමාරසිංහ Tuesday, 05 January 2016 12:06 AM

උසස් පෙළ විභාගයෙන් ජය ලැබූ සියළු දරුවන්ට සුබ පතනවා. ඒත් සමහර දරුවන්ගේ ප්‍රතිඵල විශ්වාස කරන්න බැරිබවක් පෙනෙනවා. පාසලේදීත්, උපකාරක පන්ති වලදීත් ඉතාම හොඳින් වැඩකළ ළමයින්ට හොඳ ප්‍රතිඵල නැහැ. (නි)

:       0       0

උදිත් Sunday, 03 January 2016 03:19 PM

උසස් ලෙස සමත් වුන ඔබලාටත් සමත් වුන අනෙක් සියලු දෙනාටත් සුබ පතනවා. (බ)

:       0       0

කුමාරසිංහ Tuesday, 05 January 2016 12:12 AM

උසස් පෙළ විභාගයෙන් ජය ලැබූ සියළු දරුවන්ට සුබ පතනවා. ඒත් සමහර දරුවන්ගේ ප්‍රතිඵල විශ්වාස කරන්න බැරි බවක් පෙනෙනවා. කොහේහරි වැරැද්දක් වෙලා වගේ පෙනෙනවා. හැමෝගෙම නෙමෙයි. ඒත් ළමයි සෑහෙන ප්‍රමාණයකට මෙහෙම වෙලා. ප්‍රධාන පාසල්වල හැමදාම වාර විභාග වලින් ඉදිරියෙන් හිටපු හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වුණ දූලා පුතාලා ඉන්නවා පිළිගන්න බැරි ප්‍රතිඵල ආ අය..... (නි)

:       0       0

ජීවන් Monday, 04 January 2016 07:14 AM

ඔබලාට යහපත් අනාගතයක් ප්‍රර්ථනා කරනවා. (ර)

:       0       0

ශාන්ත - කටාර් Sunday, 03 January 2016 04:58 PM

දරුවනේ, රටට වැඩදායක පිරිසක් වෙන්න. දුරකතරේ ඉන්න අපෙන් උණුසුම් පැතුම්! (නි)

:       0       0

චන්දි Sunday, 03 January 2016 04:59 PM

දුවේ පුතේ, නුඹට මගෙත් සුබ පැතුම්! නොහඳුනනාමුත් මගේ සිතටත් හරිම සතුටුයි නුඹලා ගැන. අනාගතය යහපත් වේවා! (නි)

:       0       0

මහින්ද Sunday, 03 January 2016 05:01 AM

අපෙනත් සුබ පැතුම්! (නි)

:       0       0

එරංග Sunday, 03 January 2016 05:21 AM

සියලු දෙනාටම සුබ අනාගතයක්! (නි)

:       0       0

නිමල් Sunday, 03 January 2016 05:34 AM

සියළු දෙනාටම උණුසුම් සුබ පැතුම්! ජීවිතයේ එක කඩයිමක් පමණක් යැයි සිතා කටයුතු කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 243 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 434 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site