IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උසස් පෙළ කල්දාන දිනය ගැන ඉඟියක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අපොස උසස් පෙළ විභාගය කල් තබන දිනය විභාග කොමසාරිස්වරයා විසින් හෙට (4) හෝ අනිද්දා (5)  ප්‍රකාශයට පත් කෙරෙනු  ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  මහතා පාර්ලිමේන්තුවේදී අද (3)  පැවසීය

විභාග දිනය නියම කිරීම ඇමතිවරයාගේ කාර්යභාරය නොවන බව පැවසූ ප්‍රේමජයන්ත මහතා තමා එවැන්නක් කළ හොත්   නෛතික ප්‍රශ්න මතුවිය හැකි බවද සඳහන් කළේය.

කාල සටහන සමග දිනය  නිකුත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී උදයන  කිරිඳිගොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සාධාරණ කාලයකින් විභාගය ප්‍රමාද කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට කලින් ප්‍රකාශ කළ බවත් මේ වනවිට දින 12ක් ගතවී ඇතත් දිනය ප්‍රකාශ කර නොමැති බවත්  ඔහු චෝදනා කළේය.

මේ නිසා දරුවන් පීඩනයට පත්ව සිටින බවද  කිරිදිගොඩ මහතා කීවේය. මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ තමා මේ කාරණය සම්බන්ධයෙන් සංවේදී ව සිටින බවයි.



අදහස් (7)

උසස් පෙළ කල්දාන දිනය ගැන ඉඟියක්

මහජනයා Tuesday, 03 October 2023 05:51 PM

වසර ගණනාවක් ගතවුණත්, කොරෝනා නිසා ජාතික විභාගවලට සිදුවන ප්‍රමාදය මෙම වසරේවත් නිවැරැදි කිරීමට මොවුන්ට උවමනාවක් නැති සේය. මේ නිසා පාසල්වාර අපිළිවෙල වී ඇත. දරුවන් සේම, ගුරුවරුන්ද ඉබාගාතේ යමින් විෂය කරුණු පිළිවෙලකට ආවරණය කරගත නොහැකිව ලතැ වේ. විභාග නිසිකලට පැවැත්වීමට නිවැරදි මාර්ග සටහනක් නැති බැවින් මොවුන් සැමවිට යෝජිත දිනය කල් දමමින් සිටියි. උසස් පෙළ නිසිකලට පැවැත්වීමට නම්, වාර විභාග පැවැත්වෙන දිනයන් අමාත්‍යංශ මට්ටමින් සැලසුම් කළයුතුයි. දැනට පාසල් තම අභිමතයට උසස් පෙළ වාර විභාග පවත්වයි, අවසානයේ යෝජිත දිනය සපිරීමට පාසල් සූදානම් නැත. මෙය නිවැරැදි විය යුතුයි. නැත්නම් නැවත අගෝස්තුවේ උසස් පෙළ කිරීමට හැකි වනුයේ 2048 දීය.

:       0       0

මහජනයා Tuesday, 03 October 2023 05:55 PM

අධ්‍යාපනයට මේ කරන හානිය රටේ ආර්ථිකයට ගැටලුවට ඔබ්බෙන් ගිය ගැටළුවක් වනවා ඇත. එය රට තවතවත් ප්‍රපාතයකට ඇද දමනු ඇත...

:       0       0

suminda Tuesday, 03 October 2023 06:08 PM

2022 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරද්දීම දන්නවනේ..., දෙවන වර විභාගය ලියන අයට අඩුම මාස තුනක්වත් වුවමනා බව. ඒක නොදැන ගෙනද නොවැම්බර් 2023 උසස් පෙළට දින දුන්නේ? දිනදීලා ළමයි එම දිනේට විභාගයට ලැහැස්ති වෙද්දී, දින කල්දැමීමෙන් දරුවන්ට වෙන හානිය මේ මෝඩයෝ නොදනී. එකවරම ළමයින්ට විභාගයට දිනය ලබා දුන්නා නම් නේද වටින්නේ? කොන්දක් නැති ලේකම්ලා, ඇමැතිලා, පාලකයෝ ඉන්නා රටක මිට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. රටක්ම අනාථකළ පාලකයින්ගෙන් මෙවැනි ක්‍රියා දිගටම බලාපොරොත්තු විය හැක.

:       0       0

Rata Perata Tuesday, 03 October 2023 07:09 PM

කවුද මේ? විභාගයක් තියාගන්න හරියට දිනයක් දෙන්න බැහැ. දැන් රනිල්ගේ හොඳ පේනවා ඇති පොහොට්ටු බයියන්ට...!

:       0       0

Kazi Shajahan Wednesday, 04 October 2023 11:13 AM

ඕක කියන්න කොන්දක් නැහැ සුසිත ,රනිල් එනකම්ම ඕක කියන්නේ නැහැ ,කැට තියලා කියන්නේ

:       0       0

මහජනයා Wednesday, 04 October 2023 02:20 PM

වසර ගණනාවක් ගතවුණත්, කොරෝනා නිසා ජාතික විභාග වලට සිදුවන ප්‍රමාදය මෙම වසරේවත් නිවැරැදි කිරීමට මොවුන්ට වුවමනාවක් නැති සේය. මේ නිසා පාසල්වාර අපිළිවෙල වී ඇත. දරුවන් සේම, ගුරුවරුන්ද ඉබාගාතේ යමින් විෂය කරුණු පිළිවෙලකට ආවරණය කරගත නොහැකිව ලත වේ. විභාග නිසිකලට පැවැත්වීමට නිවැරැදි මාර්ග සටහනක් නැති බැවින් මොවුන් සෑමවිටම යෝජිත දිනය කල්දමමින් සිටී. උසස් පෙළ නිසිකලට පැවැත්වීමට නම්, වාර විභාග පැවැත්වෙන දිනයන් අමාත්‍යංශ මට්ටමින් සැලසුම් කළයුතුයි. දැනට පාසල් තම අභිමතයට උසස් පෙළ වාර විභාග පවත්වයි. අවසානයේ යෝජිත දිනය සපිරීමට පාසල් සූදානම් නැත. මෙය නිවැරදි විය යුතුයි. නැත්නම් නැවත අගෝස්තුවේ උසස් පෙළ කිරීමට හැකි වනුයේ 2048 දීය. අධ්‍යාපනයට මේ කරන හානිය රටේ ආර්ථිකයට ගැටලුවට ඔබ්බෙන් ගිය ගැටළුවක් වනවා ඇත. එය රට තවතවත් ප්‍රපාතයකට ඇද දමනු ඇත.

:       0       0

Pradeep kumar Wednesday, 04 October 2023 03:48 PM

සියලු ප්‍රශ්න විසඳන ආකාරයට විභාගයට දිනයක් දාගන්නවත් බැරි රැළක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site