උසස් පෙළ අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස බල කෙරෙන විරෝධතා ව්‍යාපාරයක් අද සවස කොටුව දුම්රියපොළ අසල පැවැත්විණි.
දැනට නිකුත් කර ඇති ව්‍යාකූල ප්‍රතිඵල වහා අවලංගු කර නිශ්චිත කෙටි කාලයකදී නිවැරදි ඉසෙඩ් අගය මත විශ්වසනීය ලෙස ප්‍රතිඵල නිකුත් කරන ලෙස ද , වැරදි කළ විභාග බලධරයනට වහා දඩුවම් ලබාදෙන ලෙස ද, සිසුන් ඒ ඒ විෂයන්ට ලබා ගත් ලකුණු වෙන් වෙන් වශයෙන් දැනගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ද, මේ පිළිබද සොයා බැලීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් හා අත්දැකීම් ඇති විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස ද, අධ්‍යාපනය ලබන දරුවන්ගේ විශ්වාසය රැකෙන අයුරින් ඉදිරියේදී විභාග ප්‍රතිඵල නිකුත් කරන ලෙස ද ඉල්ලමින් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 26 ක් මෙලෙස පත්‍රිකා බෙදා හරිමින් විරෝධතාවය පල කළහ.
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘උසස් පෙළ අවුල ලිහනු!‘
පොදු ජනයා. Friday, 20 January 2012 07:34 PM
ආණ්ඩුව කොලේ වහනවා. විපක්ෂය නිදි. ජවිපෙ බයවෙලා. වෘත්තීය සමිති හරි මේ දේ කතා කරන එක අපේ දරුවන්ට කරන ලොකු සෙතක්.
සමනලයා Friday, 20 January 2012 07:54 PM
අන්තිමට ප්‍රතිථලය වැරදිලාම නෑ
මහ ජනයා Friday, 20 January 2012 08:13 PM
ආණ්ඩුව වගකීමෙන් කටයුතු කළ යුතුය. විභාග දෙපාර්තමේන්තුව පිළිබද මහජන ව්ශ්වාසය නොබිදිය යුතුය. රාජ්‍ය සේවයට පන්දම්කාරයන් නොදැමිය යුතුය. සුදුස්සාට තැන දියයුතුය.
Ekeshwara Friday, 20 January 2012 10:19 PM
දැන් ප්‍රශ්නෙ හරි. ඇයි කණගාටු වෙන්නේ?
සමන් Friday, 20 January 2012 10:56 PM
ආණ්ඩුව ලගදි ගෙනාපු හැම එකක්ම අවුල් කර ගත්තා..
ඩී එම් උඩකුඹුර Saturday, 21 January 2012 01:45 AM
තාම ඔය ගැන අපේ රටේ පාලකයො දන්නේ නැතිව ඇති.
රිස්වාන්- සෞදි අරාබි Saturday, 21 January 2012 08:34 AM
ඇමැති දෙන්නගෙ කට වහලා..
නිහාල් රත්නායක Saturday, 21 January 2012 08:59 AM
තටිල් මහතාගේ පැරණි ක්‍රමය වහා ක්‍රියාත්මක කරනු. අලුත් ඉසිඩ් ක්‍රමය ඉවත දමනු. අලුත් ක්‍රමයේ වැරදි එමටය.