IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


උසස්වීම් දීමේ අසාධාරණය ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්‍ෂකවරු ජනපතිට ලියති

(සුජිත් හේවාජුලිගේ)
 
ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂකවරුන් අමතක කර ප්‍රබල ඇමැතිවරුන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරින් ලෙස කටයුතු කරන කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකු ජාතික පොලිස් කොමිසම මගින් අසාධාරණ අන්දමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇතැයි සඳහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් ජනාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


උසස්වීම් ලැබු පිරිස අතර ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශවල සේවය කරන කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් පසු දෙනකු ද සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරු පිරිසක් පැවසුහ.


ඉහළ සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් එක් දහස් පන්සියයක් පමණ පොලිස් සේවයේ සිටියදී වසර පහ හයක කෙටි සේවා කාලයක් සහිත කනිෂ්ඨ පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු දේශපාලන හිතවත්කම් අනුව යමින් මෙසේ ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරට උසස් කිරිම අන්ත අසාධාරණ තීරණයක් බවත් උසස් කෙරුණු කනිෂ්ඨ පොලිස් පරික්ෂකවරුන් බොහෝ දෙනෙකු උප සේවයෙන් පොලිස් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කෙරුණූ අය බවත් ඔවුහු සඳහන් කරයි.



අදහස් (7)

උසස්වීම් දීමේ අසාධාරණය ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්‍ෂකවරු ජනපතිට ලියති

Saradiyel Sunday, 30 September 2018 08:44 AM

පොලිසිය වැඩ කොහොමත් එකයි..... . පොලිස්පති , කොස්තපල් , කොමිසම සියලු දේ.... මහජනයාට අබසරණයි .

:       0       28

රවින් Sunday, 30 September 2018 09:41 AM

මේ දේශපාලකයන් ටික ඒ අයගේ හෙන්චයියලා ටිකත් එක්ක එක්කහුවෙලා ආයේ අනාගත පරපුරට ඉතිරිවෙන්න දෙයක් නැති තරමටම උලාගෙන කනවා. පොලිස් කොමිසම කියන්නේ නිදහස් ආයතනයක්ද? නැතිනම් දේශපාලකයන්ගේ සපත්තු සෙරෙප්පු ලෙවකන ටිකක්ද?

:       0       26

Bamunuarachchi Sunday, 30 September 2018 10:27 AM

ලස්සන වැඩේ මේකයි පොලිස් සේවාවේ සිදුවුණු අක්‍රමිකතා නවතාගන්න තමයි මහලොකු කුංචනාදයක් පවත්වා පොලිස් කොමිසම පිහිට වූයේ. යකෝ දැන් බලනකොට පොලිස් කොමිසමත් අක්‍රමිකතා කරනවනේ... පොලිස් සේවාවේ අක්‍රමිකතා එහෙම්මමයි නේද? එහෙමනම් පොලිස්පති පොලිස් කොමිසම නොසලකා සිටීම සාධාරණයිනේ. දැන් උපභටයා කාට පැමිණිලි කරන්නද? සිරිසේන මයා අද පත්තරේ කියෙව්වොත් හොඳයි.

:       0       68

Raveendra Sunday, 30 September 2018 10:29 AM

අප රටේ මෙතෙක් පාලනය කරපු ගවයින්ගෙන් වැඩිදෙනෙක් ගොට්ට අල්ලන නිවටයින් තමයි. එහෙම අය අනිසි ලෙස තනතුරුවලට පත් කලේ අද, ඊයේ නොවේ. මෙය තමයි "දේශපාලකයන් නැමැති මූසලයින්ගේ හොඳම" ගතිගුණ....

:       0       41

erdi Sunday, 30 September 2018 10:43 AM

සුදුස්සාට සුදුසු තැන නැති බව කියමන සනාථ කිරීමක්. ලංකාවෙන් පිට සෝමාලියාවේ ඉපදුණත් සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. ඒකට ලංකාවේ අම්මෝ මේ තරම් ආගම, නීතිය, පිළිපදින රටක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ වුණාට වටින්නේ නැති දේශපාලනය සේරම තීරණය වෙයි.

:       0       12

සතයපාල Sunday, 30 September 2018 10:56 AM

පොලිස් කොමිසම ස්වාධීන ආයතනයක් නම් කොහොමද දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් ඉෂ්ඨ කරන්නේ. අන්තිමට වුනේ වැටයි, නියරයි දෙකම තරගයට ගොයම කනඑකද?

:       0       19

තිළිණ රනවක​ Monday, 01 October 2018 09:11 AM

උප සේවයේ ඉන්න බොහෝ දෙනෙක් දේශපාලන අතකොලු. නියමිත සුදුසුකම් නෑ. එයින් කීප දෙනෙක් පන්දමේ හයිය නිසා එක්සත් ජාතීන්ගේ සේවයටත් ගිහිල්ලා තියනවා​. එතන ගියත් ඒ අයට පැවරෙන රාජකාරි කරන්න බෑ. ඉංග්‍රීසියෙන් වැඩකරන්න බෑ. රටේ නම්බුව බේරගන්න ඕනෑ නිසා අනිත් නිලධාරීන් එයාලගෙ වැඩ ආවරණය කරනවා​...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site