හොරණ අධිකරණයේදී ඇප ලැබු පුද්ගලයකු සම්බන්ධ ප්‍රශ්නයකදී එහි ලිපිකාරියගේ නිවසට ගොස් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් හොරණ මහෙස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
අඟුරුවාතොට මදුරාවල පදිංචි හර්ෂ චන්දිමාල් එම පුද්ගලයායි.
ලිපිකාරිය මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිකරමින් කියා ඇත්තේ තම නිවස ආසන්නයේ පදිංචි දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමකදී උසාවියෙන් ඇප ලැබු පුද්ගලයකු ගැන තමාගෙන් ප්‍රශ්න කළ සැකකරු ‘ඔහුට ඇප අත්සන් කළේ කවුද? උසාවියත් එක්ක මං ඒක බලා ගන්නම්‘.යනුවෙන් තර්ජනය කළ බවයි.
සැකකරු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතය. අඟුරුවාතොට පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය .
2025 දෙසැම්බර් මස 18
565
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවි ලිපිකාරියට බැන රිමාන්ඩ් බත් කයි
බන්දුල පෙරේරා Thursday, 29 August 2013 01:17 PM
කෙනෙකුට බැන්න පලියට ශාරීරික අඩත්තේට්ටම් කිරීමක් නැත්නම් ඇසින් දුටු කනින් ඇසු සාක්ෂි නැත්නම් මෙහෙම රිමාන්ඩ් කරන්න පුලුවන්ද? කව්රු හරි පුද්ගලික තරහකට බැන්න කියල කාට හරි එරෙහිව පැමිණිල්ලක් දැම්මොත් හරි වැඩක්නේ වෙන්නේ. මෙතන මට පෙන විදියට මෙයා උසාවියේ වැඩ කරන නිසා වෙන්න ඇති. උසාවියේදී සිගරට් එකක් බිව්වොත්,ෆෝන් එක රින්ග් උනොත් සද්දේ දාල කතා කලොත් උසාවියට අපහස කලා කියල දඩ ගහනවා කුඩුවට දානවා. උසාවියෙන්ම දීපු තීන්දුවලට විරුද්දව ඔය සංගම් වල ලොයර්ස්ල පුටු පොලේ ගහලා මේස වලට නැගලා යකා නටනවා. වැරදි කාරය කියල පිලිගන්නත් ලෝයර් කෙනෙක් අල්ලන්න ඕන..නැත්නම් දඩය එකක්..ලෝයර් එක්ක ගියාම දඩය එකක්. (නදී)
අමිල - කටුනායක Thursday, 29 August 2013 01:25 PM
ඇයි මේ ලිපිකාරිනියගෙන් ඇහුවේ, නඩුකාරතුමාගෙන් අහන්න තිබුණනේ. (ස)
උපාලි Thursday, 29 August 2013 04:02 AM
පීලි පැනපු දුම්රිය සේවකයෙක් වෙන්න ඕන. නීතිය ගැන බින්දු මාත්‍රයක්වත් තැකීමක් නැත්තේ ඇයි මේ මිනිස්සුන්ගේ? මේක ජොබ් එක ගහල යන වැඩක් බව හිතන්න තරම් මොලයක් මේ මිනිහට තිබුනේ නැද්ද? ආවේග මත කරන දේවල් වලට පසුතැවෙන්න වෙනවා (ලොක්කෙක් නොවේනම්). (අ)
වරුණ Thursday, 29 August 2013 07:34 AM
මහේස්ත්‍රාත්තුමාලාටත් තර්ජනය කරලා හූ කියපු රටේ ලිපිකාරිණියකට බැණ වදිනවා කියන එක කජ්ජක්ද? (නි)