IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උසාවිය මාකට්ටුවක් නොවේ

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ නීතීඥ ෆර්මාස් කාසිම් මහත්වරුන්ට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා තරයේ අවවාද කළේය.

යළිත් අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළොත් විනය නියෝග නිකු කරන බව ද අගවිනිසුරු පැවසීය.

අගවිනිසුරුවරයා මෙමේ පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව කොම්පඤ්ඤ වීදියේ පදිංචිකරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සම්බන්ධ නියෝග ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වූ අවස්ථාවේය. මේ නීතීඥවරුන් දෙපළ අධිකරණ ශාලාවෙන් පිටතට යෑමට සූදානම් වූ අතර ඒ අවස්ථාවේදී ඔවුන් යළි කැඳවා මෙසේ අවවාද කළේය.

තමා වසර 38ක් අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති බවත්, අධිකරණය මාර්කට් වෙළෙඳ පොළක් නොවන බවත්, අධිකරණයේ ගෞරවය සෑම අයකුම ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (0)

උසාවිය මාකට්ටුවක් නොවේ

මහින්ද Tuesday, 12 March 2013 08:54 PM

ඔවු ඒක ඇත්ත. (නි)

:       0       0

කාවින්ද Tuesday, 12 March 2013 09:08 PM

මේ දෙන්නට විතරක් මේ අවවාදය දීලා මදි. තව කට්ටිය ඉන්නවා ගොඩක් අපේ රටේ. (නි)

:       0       0

රත්නපාල සුබසිංහ Tuesday, 12 March 2013 09:11 PM

ඔව් ඔව් වැදගත් මහත්මයෙක් කියල තියෙන්නෙ. (දී)

:       0       0

මේනක Wednesday, 13 March 2013 10:57 AM

කතාව ඇත්ත

:       0       0

මචං Tuesday, 12 March 2013 09:59 PM

ඒක මර්කට්‍ටුවක් කලේ අපිද? (දී)

:       0       0

අනිල් Tuesday, 12 March 2013 10:13 PM

ඒක ඇත්ත. (නි)

:       0       0

නයනා Tuesday, 12 March 2013 10:09 PM

නඩු අසන තැන හැසිරෙන්න දන්නේ නැද්ද (දී)

:       0       0

සාලිය Tuesday, 12 March 2013 10:32 PM

මට නම් අදහසක් කියන්න අමාරුයි. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 13 March 2013 11:20 AM

නිතිය අකුරටම ඉෂ්ට කරනවා වගේ (දී)

:       0       0

ගුණතිලක Tuesday, 12 March 2013 10:43 PM

ඔවු..ඔවු..ඔවු.. එක ඇත්ත (දී)

:       0       0

ජීව Tuesday, 12 March 2013 11:26 PM

ඒක ඇත්ත, මාර්කට් වුණත් නිකන් ගියාට මදි. යන්නෙ මොකටද කියලත් හිතන්න ඕනෑ. (නි)

:       0       0

රකිත් Wednesday, 13 March 2013 03:07 AM

එම විනය නියෝගවලට නීතිමය වලංගු භාවයක් තියෙනවද? (දී)

:       0       0

දයාන් Wednesday, 13 March 2013 02:51 PM

සහතික ඇත්ත (දී)

:       0       0

වීරසේකර Wednesday, 13 March 2013 03:16 AM

සහතික අහත (දී)

:       0       0

සමන් Wednesday, 13 March 2013 04:24 AM

මොකද්ද ඒ මහත්තුරු කරලා තියෙන අපහාසය (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 13 March 2013 05:39 AM

උසාවියේ කටයුතු වලට බාධා නොවී අධිකරණ ශාලාවෙන් පිටතට යෑමට සූදානම් වීම උසාවියට ඇත්තටම අපහාසයක්ද? (දී)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 13 March 2013 06:30 AM

අලුත් අගවිනිසුරු නිසා හොදයි (දී)

:       0       0

විල්සන් Wednesday, 13 March 2013 06:33 AM

ඉතා දැඩි ප්‍රකාශයක් (දී)

:       0       0

සුමති Wednesday, 13 March 2013 07:51 AM

දැන්වත් ඇස් හරින්න. තැන නොතැන ගැන හරි අවබෝධයෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

නිමල් Wednesday, 13 March 2013 08:11 AM

කව්ද එක මාර්කට් එකක් කලේ? (දී)

:       0       0

චවික Wednesday, 13 March 2013 08:30 AM

මොකද්ද ඒ කතාවේ තේරුම (දී)

:       0       0

අබේ Wednesday, 13 March 2013 08:38 AM

මම එකඟයි (දී)

:       0       0

මුතුකුඩ Tuesday, 12 March 2013 05:20 PM

හුගක් හොදයි. (නි)

:       0       0

ලංකා Tuesday, 12 March 2013 05:42 PM

හැමෝම එක හිතේ තියා ගන්න ඕනේ (දී)

:       0       0

ලකී Tuesday, 12 March 2013 05:44 PM

එක තමයි ඇත්ත කතාව (දී)

:       0       0

සතුල Tuesday, 12 March 2013 05:50 PM

" අධිකරණයේ ගෞරවය සෑම අයකුම ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. (දී)

:       0       0

කුමාර Tuesday, 12 March 2013 05:51 PM

ඔබ තුමන් හා අපි එකග වෙනවා (දී)

:       0       0

අචිනි Tuesday, 12 March 2013 05:53 PM

අගවිනිසුරු තුමනි සතුටුයි ඔබ ගැන (දී)

:       0       0

කුමාරි Wednesday, 13 March 2013 08:56 AM

අනේ මන්දා අප්පා (දී)

:       0       0

සදුනි Tuesday, 12 March 2013 06:06 PM

අගෙයි! (නි)

:       0       0

විරාජ් Tuesday, 12 March 2013 06:06 PM

හැගීම් පාලනය කර ගන්න මහත්තයෝ (දී)

:       0       0

වන්නි Tuesday, 12 March 2013 06:13 PM

අයියෝ අයියෝ. මහත්වරු හරියට හැසිරෙන්න (දී)

:       0       0

ලාල් Tuesday, 12 March 2013 06:22 PM

අගවිනිසුරුතුමා සමග මම එකඟයි (දී)

:       0       0

පාලිත Tuesday, 12 March 2013 06:17 PM

උසාවියට ගිහිල්ලා හැසිරෙන්න ඉගෙන ගන්න (දී)

:       0       0

අජිත් Wednesday, 13 March 2013 09:30 AM

මේ තත්වය උදා වෙලා ගොඩක් කල් (ස)

:       0       0

දුමින්ද Tuesday, 12 March 2013 06:33 PM

උසාවියට අපහස කරන්න එපා (දී)

:       0       0

ධම්මක Tuesday, 12 March 2013 06:38 PM

සහතික ඇත්ත (දී)

:       0       0

ජයතිස්ස Tuesday, 12 March 2013 06:39 PM

හිතුවද දන්නෙ නැහැ අධිකරණයත් පාර්ලිමේන්තුව වගෙයි කියලා. (නි)

:       0       0

සමන් Wednesday, 13 March 2013 09:40 AM

අපිටත් ඒ කතාව ආදර්ශයක් (දී)

:       0       0

රුක්ෂාන් Wednesday, 13 March 2013 09:40 AM

උසාවිය එහෙම කිලිටි කරන්න එපා (දී)

:       0       0

පද්මලාල් Wednesday, 13 March 2013 09:51 AM

සහතික ඇත්ත

:       0       0

නිලුක Wednesday, 13 March 2013 09:52 AM

අධිකරණයට අගෞරව කරන්න එපා (දී)

:       0       0

ශීලා Wednesday, 13 March 2013 09:57 AM

සෝබන වැඩ කරන්න එපා (ස)

:       0       0

අනුර Tuesday, 12 March 2013 08:01 PM

එලියට දාන්න තිබ්බේ (දී)

:       0       0

සනත් Wednesday, 13 March 2013 01:32 PM

මමත් එකඟ වෙනවා ඔබ සමග (දී)

:       0       0

කුමාර Wednesday, 13 March 2013 10:30 AM

ආ .. ඇත්තද?මාර්කට් එකක් නෙවෙයිද ? (ස)

:       0       0

පයාගල Wednesday, 13 March 2013 10:32 AM

අපහාස කරන්න එපා (දී)

:       0       0

නීල් Tuesday, 12 March 2013 08:27 PM

අග විනිසුරුතුමාට් කේන්ති ගිහිල්ලවත්ද (දී)

:       0       0

චූලා Tuesday, 12 March 2013 08:33 PM

දාන්නකෝ ඉතින් තැපැල් පතක්. (නි)

:       0       0

පෙරුමාල් Tuesday, 12 March 2013 08:34 PM

ඔන්න ඔහොම තමයි කරන්න ඕනෑ. (නි)

:       0       0

සහන් Tuesday, 12 March 2013 08:40 PM

අලුත් අගවිනිසුරුතුමා නීතියට වැඩ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site