IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උස්වැටකෙයියාවේ නිවෙස් වලට මුහුදු වතුර

උස්වැටකෙයියාවේ නිවාස කිහිපයකට සෙනසුරාදා රාත්‍රී මුහුදු ජලය පැමිණ ඇතැයි ගැමියෝ කියති. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය සුනාමි හෝ වෙනත් ආපදා තත්ත්වයක් නොවන බවයි. මෙම ප්‍රදේශයේ රළ සාමාන්‍යයෙන් මීටරයක් පමණ උසට නැගෙන බවත් සෙනසුරාදා රාත්‍රියේ එය මීටර දෙකක් පමණ උසින් යුතු වූ බැවින් මෙලෙස නිවාස කිහිපයකට ජලය පැමිණ ඇති බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා කියා සිටියේය.



අදහස් (0)

උස්වැටකෙයියාවේ නිවෙස් වලට මුහුදු වතුර

ලෙස්ලි විජේසින්හ Sunday, 30 June 2013 10:57 AM

ඒක කියන්න ඕනෑ නැහැ. තමන් දැන ගන්න ඕනෑ මුහුදු වෙරල අයිනේ ගෙවල් හදුවම් ඕක වෙනවා කියලා. පසුව වෙනත් අයට දොස් පවරලා වැඩක් නැහැ. අනවසර වැඩ නොකර ඉන්න ඕනෑ. රේල් පාර අයිනේ ගෙවල් හදන අයටයි මුහුදු වෙරල නාස්ති කරලා ගෙවල් දොරවල් හදන අයටයි ඔහොම වෙලා මදි. ධම්මා ඔයාට මොලේ පොදක් වත් නැති කෙනෙක් බව හොදට පේනවා (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 30 June 2013 11:07 AM

අචිනිලව යට වෙලා නැහැ නේද? (නි)

:       0       0

ගම්ලත් Sunday, 30 June 2013 11:11 AM

ලෙස්ලි ඔය හරි. සුනාමි එන්න කලින් බලන්න ගිහින් ඉන්නවා වගේ වැඩක්. ඕනෑ තරම් ඉඩම් තියෙද්දී මූහුද රේල් පාරටමයි යන්නේ (නි)

:       0       0

නීල් රණා Sunday, 30 June 2013 11:20 AM

ගෝලීය උණුසුම වැඩිවීම නිසා ග්ලැසියර දියවීමෙන් අනාගතේදී උද්ගත වියහැකි පරිසර ගැටළු බොහොමයි. මේ ඊට පෙරහුරුවක් පමණයි. ඇල්ප්ස් කඳුවැටියේ පැරණි ග්ලැසියර ඉටිරෙදි දමා ආවරණය කර දියවීමෙන් වලකන හැටි සවිස්තරාත්මකව කියවන්න ට්විටර් අකවුන්ට් එකෙන්. ඒ නිසා උතුරු අර්ධගෝලයේ පිහිටි ඇමෙරිකාව, ජපානය, චීනය වැනි දියුණු රටවල් අධික ලෙස විමෝචනය කරන අහිතකර වායු නිසා සිදුවන පරිසර විපර්යාස වලට දැන් සිටම මුහුණ දෙන්න රජයේ ඇමතිවරු ක්‍රියාත්මක වියයුතුයි. (නි)

:       0       0

රූපවතී Sunday, 30 June 2013 11:37 AM

ලෙස්ලි, ඇයි ඔය වගේමනේ, ජාතික වනෝද්‍යාන වලට ගිහින් හොරෙන් කැලේ එලි කරලා, වගාවන් කරනවා. පස්සේ ඒකෙම ගෙයක් හදාගෙන නවතිනවා. යහළු මිත්‍රයොත් ගමේම කට්ටිය ගිහින්, පදිංචි වෙන්නේ අර අසරණ වන සතුන්ට ඉන්න තියන උන්ගේ කැලේ. ලොකු ලොක්කොත් මේ දේම කරනවා. අනේ අලි ටික මිනිස්සුන්ට කැලේ ඉන්ඩ දීලා ගමට එනවා .මේවා වසංගත බවට පත් කරගත්තේ අපේම මෝඩ මිනිස්සු. පස්සේ කෑ ගහනවා කනවෝ මරනවෝ කියලා (නි)

:       0       0

සම්පත් Sunday, 30 June 2013 12:38 PM

ගිනි අගුරු ගොඩේ පිච්චෙන කියලා සින්දුවක් තියෙන්නේ ඔය වෙරළ ගැන නේද? (නි)

:       0       0

නීරෝ Sunday, 30 June 2013 02:18 PM

සම්පත් අන්තවාදියෙක් නිසා මේවා තේරෙන්නේ නැහැ. එනිසා අදහස් දැමීමෙන් වැලකී සිටියොත් හොදයි (නි)

:       0       0

ධමිම Sunday, 30 June 2013 02:42 PM

ලෙස්ලිට අමු කැවිලා. මෙතන අනවසර ඉදිකිරිමක් ගැන සදහනක් කොහිද තියෙන්නේ?(නදී)

:       0       0

බණ්ඩාර Sunday, 30 June 2013 04:15 PM

සේරටම මුල ඉඩම් ප්‍රශ්නේ. අපේ ඉඩම් (සිංහලයාගේ) සුද්දා ඇවිත් අපි පන්නලා අරගෙන තේ රබර් වවන්න ,වැඩට කියලා ඉන්දියාවෙන් මිනිස්සු ගෙනත් ඒ වතුවල ගෙවල් හදලා ඒ මිනිස්සු පදිංචි කෙරුවා.දැන් සිංහල මිනිසුන්ට ඉඩම් නැහැ.අනවසර ඉඩම් වල ගෙවල් හදනවා.කොහෙහරි ඉන්න එපැයි. (නි)

:       0       0

ධමිම Sunday, 30 June 2013 10:08 AM

නිවාස හදන්න පෙර ඔය කතාව කියන්න එපැයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site