IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උරුමය පළමු ඉඩම් ඔප්පු දසදහස සූදානම්

(අංජුල මහික වීරරත්න)

උරුමය පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත උරුමය වැඩසටහන ක්‍රියාත්මක කරයි.

එම සින්නක්කර ඔප්පු මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඒච්. ඒම්.බී.පී. හේරත් මහතා පැවසීය.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි 05 වැනිදා පැවැත්වේ.

සියළුම ඔප්පුලාභීන්ට ප්‍රවාහන හා ආහාර සඳහා අවශ්‍ය කරන මුල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත ලබාදී ඇති අතර, ඔවුන්ට කිසිඳු අපහසුතාවකින් තොරව මෙම උත්සවයට සහභාගීවීමට පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.

උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.

උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇති අතර, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරේ.

යටත් විජිත සමයේ විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා ස්වදේශිකයන්ට බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.

නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම්හිමි ජනතාවට නොතිබුණ බව ඉඩම් කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, ජනාධිපති කාර්යාලයේ සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (9)

උරුමය පළමු ඉඩම් ඔප්පු දසදහස සූදානම්

Rata Perata Tuesday, 30 January 2024 09:28 PM

ඉක්මණට ඔය දෙන ඉඩම් ටික ගන්න. නැතිනම් මේ මනුස්සයා ඕවා පිටරට අයට විකුණනවා...

:       1       2

chandima Tuesday, 30 January 2024 09:50 PM

රනිල්ගේ උරුමය බෙදාදීමට සියල්ල සූදානම්ලු..?

:       1       1

Lal Tuesday, 30 January 2024 10:41 PM

ඉතාම හොඳ වැඩක්... ජනාධිපතිතුමාට ජය....

:       0       2

රංබොඩ Wednesday, 31 January 2024 12:13 AM

එදා ඉඳන්ම අපේ දේශපාලනය කරන අය කළේ මේවා තමයි. දැන් මෙයත් ඡන්දෙට ලෑස්ති වෙනවා...!

:       0       2

නිහාල් Wednesday, 31 January 2024 01:58 AM

එතැන ඡන්දම කීයක්ද නේද?

:       0       2

සල්ලි Wednesday, 31 January 2024 10:44 AM

ඡන්දේට කලින් උරුමය. නමුත් ජීවත් වීමේ අයිතිය විකුණා ඇත. මිනිස් ජීවිත පපඩම් කර ඇත...

:       2       2

ඉන්දික Wednesday, 31 January 2024 10:54 AM

ඔක්කෝම දෙන්න රනිල් මහත්තයෝ.. පන්සල් ඉඩම් ටිකයි, මහවැලි ඉඩම් ටිකයි, දුම්රිය ඉඩම් ටිකයි සින්නකරම... පස්සේ ඉන්දියාවට ලේසියෙන්ම ඒ ටික ගන්න පුළුවන් තුට්ටු දෙකට..මොකද ඔය මිනිස්සු සල්ලි නැති වෙලා ,අසරණ වුණාම ඕක විකුණනවා.

:       2       2

සරත් Wednesday, 31 January 2024 03:06 PM

කරුගෙන් ගැලවුණු දාට, හැම දේ උරුමයි සැමට...!

:       0       0

මංජලා Thursday, 02 May 2024 03:58 PM

ජනාධිපතිතුමනි අපේ ඉඩම් වලට තියෙන්නෙ වාර්ෂික බදු ගෙවන බලපත්‍ර. ඒවාට ඔප්පු නැද්ද? අපිට කියලා මේ රටේ කොතනකවත් ඉඩමක් නෑ තාම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site