IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උමා ඔය යෝජනා ක්‍රමයෙන් ජනතාව පීඩාවට

උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය නිසා පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව සිටින ජනතාවට දෙන විසඳුම කවරේද යන්න සතියකින් දන්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

පෙත්සම නැවත සලකා බැලීම ලබන 23 වැනිදට කල් තැබිණි.

සිය නිවාස, වගාබිම් පමණක් නොව පානීය ජල පහසුකම් පවා  අහිමි කරමින් සිදු කරන මෙම ව්‍යාපෘතිය නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පැමිණිලි කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් අධිකරණය මෙම නියෝගය පැනවීය.

වැඩබලන අගවිනිසුරු ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්.ඞී.පී.මනතුංග මහතා ඇතුළු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් හතරදෙනෙකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ මෙම පෙතසමේ වගඋත්තරකරුවන් වශයෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ ලේකම් එන්.රූපසිංහ , වාරිමාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම් , මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

මෙරට වියළි කලාපයට ජලය ලබාදීම සහ බලශක්ති අර්බුදයට පිළිතුරු සැපයීම අරමුණු කරගනිමින් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ බව පෙත්සම්කරුවෝ සඳහන් කරති.උමා ඔය සහ මහතොටිල්ල ඔයේ ජලය භූගත උමඟක් ඔස්සේ දකුණු වියළි කලාපයට  අයත් මොනරාගල ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘති  කරන බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් කියති.

මෙම ව්‍යාපාතිය නිසා පවුල් 1200ක් පමණ පීඩාවට පත්ව සිටින අතර 13000ක් පමණ ජනතාවකට පානිය ජල අර්බුදයකටත්, වගා කටයුතු වලට අවශ්‍ය ජලය නොමැතිවීම නිසා ජීවිනාව කරගෙන යාමේ අර්බුදයකටද ලක්වී ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් රවින්ද්‍රනාත් දාබරේ, නිල්මල් වික‍්‍රමසිංහ සහ සුගත් අතපත්තු යන නිතීඥවරුන් පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පෙනී සිටියහ.පෙත්සම ලබන 23 වැනිදා යළි කැඳවේ.



අදහස් (0)

උමා ඔය යෝජනා ක්‍රමයෙන් ජනතාව පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site