IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උමා ඔයෙන් මෙගාවොට් 120ක විදුලියක්

(අංජුල මහික වීරරත්න)

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

එසේම ජලය මත පාවෙන සූර්ය පැනල මගින් මෙගාවොට් 3077ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ජලාශ 31ක් දැනටමත් හඳුනාගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

උමාඔය ව්‍යාපෘතියට සමගාමීව කුඹුරු හෙක්ටයාර් 4500කට සහ නව කුඹුරු හෙක්ටයාර් 1500කට ජලය සැපයීමට බලාපොරොත්තු වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (6)

උමා ඔයෙන් මෙගාවොට් 120ක විදුලියක්

රංබොඩ Saturday, 27 January 2024 12:44 AM

ජාතික සම්පත් භාවිතා කරලා විදුලිය නිපදුවාට වැඩක් නෑ... මණ්ඩලයේ අයට විතරක් හොරාකන්න දීලා.... සමස්ත මහජනතාවටම එහි ප්‍රතිලාභ ලැබිය යුතුයි...!

:       0       2

chandima Saturday, 27 January 2024 03:14 AM

දැන් ඔය සූර්ය පැනල් සවිකිරිල්ලෙන් කීයක් විතර හම්බවෙනවද?

:       1       2

Sudu redi hora Saturday, 27 January 2024 09:14 AM

ආයේ රාජපක්ෂලා බලයට එන්න ඕවා කරන්න 2024 ඔක්කොම ඉවරයි... පල්හොරු ටික...

:       4       6

Lal Saturday, 27 January 2024 12:14 PM

රෝහණ විජේවීර සහෝදරයා බලාපොරොත්තු වූ පූර්ණ සමාජ වාදය වෙනුවෙන් නැවත අවි ගනිමු...

:       12       0

Hafeel Saturday, 27 January 2024 05:26 PM

තාරුණ්‍යට හැටක්, අපි වෙනුවෙන් අපි කියලා රණවිරුවන්ට නිවාස කියලත්, සිරිලිය සවිය, Helping හම්බන්තොට කියලා සුනාමි ගැහිල්ල, දැන් අලුතින් "ස්ථාවර රටකට සැවොම එක මඟකට" කියලා ඉදිරියට එන්න උත්සාහ කරනවා. ඉන්දියාවෙන් ආනයන කළ අර දූෂිත දියර පොහොර ගනුදෙනු ඉතිහාසය ගොවීන් අමතක කරලා නැහැ.

:       2       2

Lalla Saturday, 27 January 2024 07:10 PM

ඕකත් අර මෙයා මැදීවෙලා ගෙවපු චීන කක්ක පෝර නැවේ කතාව වගේද? වියදම ජනතාවට... ප්‍රතිලාභ ඇමැතිට.....එහෙම නේද? අනික රාජපක්ෂ පවුලට ගෑවුණු කෙනෙක් තවම ලොකු වැඩ කරන්න කතා කරනවා නේද?...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site