IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උපසේවා පීසීට ගැහුවාට රුපියල් ලක්ෂ 15ක් වන්දි

2002 වසරේ දී එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු සමඟ දංකොටුව පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු වී උපසේවා පොලිස් කොස්තාපල් වරයකු බිම දමා පහර දීමේ සිද්ධියට වරදකරු වූ අයකුට හලාවත මහාධිකරණ විනිසුරු එච් එම් අමල් තිලකරත්න මහතා බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවමක් සහ රුපියල් විසි දහසක දඩයක් නියම කළ අතර කොස්තාපල්ට රුපියල් ලක්ෂ 15ක වන්දි ගෙවන ලෙස ද නියම කළේය.

විත්තිකරු මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩුව විභාග විය. විත්තිකරු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

වෙන්නප්පුවේ පදිංචිව සිටි කොස්වත්ත මුහන්දිරම්ලාගේ රුවන් චන්දන තමෙල්ට දඬුවම් නියම විය.



අදහස් (0)

උපසේවා පීසීට ගැහුවාට රුපියල් ලක්ෂ 15ක් වන්දි

චමින්ද Friday, 18 July 2014 11:05 PM

බන්දුල පෙරේරාට ඒ නම නම් දැනගන්න ඕනෑ.එත් එයාගේ පක්ෂයේ අයගේ නම් පළ නොවුණාට, ඒ ගැන නම් වගක්වත් නැහැ. (නි)

:       0       0

සම්පත් Friday, 18 July 2014 12:03 PM

මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ වැඩ ඒ කාළේ (අ)

:       0       0

දිලිත් Friday, 18 July 2014 11:22 PM

අපි දැන් මේ ලංකාවේදී නොයෙකුත් අපරාධ කර පිටරට වලට පනින කට්ටියට මොනවත් කියන්න කැමති නැහැ. ඕස්ට්‍රේලියාවට සරණාගත ලේබල් ගහගෙන එන සමහරුත් මෙහෙම උදවිය තමයි. ලංකාව ගැන බොරු කියලා අනුන්ට වුණ දේවල් තමන්ගේ වගේ පෙන්නලා සරණාගත වීසා ගන්නවා. මේ දේවල් නරකයි කිව්වම සමහරු කියන්නේ අපි ලංකාවේ කට්ටිය එහෙ ඇවිල්ලා දියුණු වෙනවට කැමති නැහැ කියලා. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 19 July 2014 12:32 PM

මෙම නඩු තීන්දුව ගැන මා සතුටු වෙන අතර මෙය මෙතරම් ප්‍රමාද වීම ගැන කණගාටු වෙමි. මෙම මන්ත්‍රීවරයා කල ක්‍රියාව වැරදි වුවද මොහු දැනට ජිවතුන් අතර නොමැති නිසා නම සදහන් කිරීම සදාචාරාත්මක නැත. එමගින් ඔහුගේ පවුලේ උදවියට කැළලක් සිදුවීමට ඉඩ ඇත. ඒ පවුලේ අය ඉතාම යහපත් අය වේ. අසාධාරණය සිදුවූ පොලිස් නිලදාරියද මගේ පුද්ගලික මිතුරෙක් වන අතර ඉතාම නිහතමානී ගුණගරුක නිලදාරියෙකි (නදී)

:       0       0

සත්‍යා Saturday, 19 July 2014 01:09 AM

පොලිසියට කොහෙන්වත් ගැලවුමක් නැහැ වගෙයි (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 20 July 2014 11:15 AM

පහන්, මම ඔබ සමඟ එකඟයි.මැර දේශපාලනය මමද අනුමත නොකරමි (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 18 July 2014 01:32 PM

මන්ත්‍රීගේ නමත් කියන්නකෝ ඉතින් (නි)

:       0       0

පහන්,ෆ්රන්සය Sunday, 20 July 2014 12:34 AM

ලෙස්ලි ලෝව් මහතානෙනී, ඔබවත් මා හොඳින් දන්නා කෙනෙක් හැටියට වෙන්නප්පුවේ නෙනෙක් හැටියට මටත් යමක් ලියන්න සිතුනා. එම මන්ත්‍රී තුමා අද ජීවතුන් අතර නොමැති නිසා අපි ඔහුට ගරුත්වයක් දැක්වුවත් ඔහු මැරයන් අනුමත කල කෙනෙක් හැටියට මටද සාක්ෂි ඇත. (නදී)

:       0       0

දයා අලහාකෝන් Saturday, 19 July 2014 05:11 AM

දඬුවමින් බාගයක් මන්ත්‍රීටත් ලැබියයුතු නොවෙයිද ? (නදී) .

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Saturday, 19 July 2014 06:38 AM

සම්පත්, ඒ ඒගොල්ලන්ගේ වැඩ, එතකොට මේගොල්ලන්ගේ වැඩ අර කොළොන්නාවේ පැත්තේ වැඩ කොහොමද ? කවුරු කලත් වැරැද්ද වැරැද්ද තමා. කාටත් නිතිය අනුව දේශපාලන බේදයකින් තොරව නිසි දඩුවම දිය යුතුය. කොහොමත් ඉතින් සම්පත් කඩේ යන එකනේ කරන්නේ. (නදී)

:       0       0

බමුණු ආරච්චි Friday, 18 July 2014 10:42 AM

තීන්දුව නම් නියමයි. (නි)

:       0       0

ශාන්ති Friday, 18 July 2014 08:18 PM

හොඳ නඩු තීන්දුවක් (නි)

:       0       0

රවිඳු Friday, 18 July 2014 08:24 PM

සම්පත්, මෙතන නිකම් මෝඩ කතා කියන්න එපා. කිසිම දේශපාලන බේදයකින් තොරව රටේ බහුතර ජනතාව ඉල්ලන්නේ මෙවැනි අයට උපරිම දඬුවම් දෙන්න කියලයි. (නි)

:       0       0

හේරත් Friday, 18 July 2014 10:44 AM

හොඳ තීන්දුවක් (නි)

:       0       0

රසික Friday, 18 July 2014 09:34 PM

මන්ත්‍රීගේ නම කියන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site