ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.ආචාර්ය ලක්ෂ්මන් ජයවීරගේ ඉල්ලා අස්වීමෙන් එම පදවිය පුරප්පාඩු විය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩල සභාපති
අජිත් කරුණාරත්න Thursday, 05 February 2015 02:25 AM
උපුල් ජයසූරිය මහත්මයාණෙනි, ආයෝජන කලාපයේ සමහර ආයතන වල විශාල දුෂිත ව්‍යාපාර කරගෙන යනවා. මෙන්න මෙවැනි වංචනික වැඩ ගැනත් හොයන්න.
හෙළන් Thursday, 05 February 2015 02:29 AM
අපි නම් දැනගෙන හිටිය මෙයා කෑගැහුවේ මේකට තමයි කියලා. (නදී)
කුමාර Wednesday, 04 February 2015 11:55 AM
ජයවේවා! (නි)
දුමින්ද Thursday, 05 February 2015 03:30 AM
මෙය මේ දේශපාලනයේ අහම්බයක් නොවේ. හරි දේ කළොත් හරි (නි)
නිලන්ත Thursday, 05 February 2015 03:40 AM
රටේ විද්වතුන් රට හැරලා යයි වගේ (නදී)
කේ දිසානායක Wednesday, 04 February 2015 01:12 PM
මීට වඩා දෙයක් දෙන්න තිබ්බේ පවු.(හේ)
පිවිතුරු යහපාල Thursday, 05 February 2015 03:52 AM
අනේ මන්දා. අපිට කියනවා කට්ටිය කඩේ යනවා කියලා. අපි කඩේ ගියානම් මෙතුමා ගියේ සිංගප්පුරු සුපර් මාර්කට්. ගිය තරමට අඩු නැතුව දීල තියෙනවා. (නදී)
සාලිය වික්ස් Wednesday, 04 February 2015 01:35 PM
මෙහෙමත් රටක් .(හේ)
පාලිත Wednesday, 04 February 2015 02:18 PM
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
මාධව Wednesday, 04 February 2015 02:25 PM
රස්සාවක් ලැබුනාම නං කෙනෙකුට සුභ පතන එක හොඳ දෙයක් තමයි. (හේ)
ගාමිණි යසපාල Wednesday, 04 February 2015 02:36 PM
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රජයේ හෝ සංස්ථා සහ මණ්ඩලවලට ප්‍රධානින් පත් කිරීමේදී මොකද මේ පරිපාලන සේවයේ හෝ විෂයානුබද්ධ උපාධිධාරීන් කොතෙකුත් සිටියදීත් ඔවුන් පත් නොකර තමන් වෙනුවෙන් කැස්ස කට්ටිය පමණක් යොදන්නේ? ගිය ආණ්ඩුව කලෙත් ඒකමයි.(හේ)
රංජිත් සිල්වා Wednesday, 04 February 2015 02:38 PM
වීර පුරන් අප්පුට උපාධි තිබුනේ නැහැ නමුත් රටට ආදර කළා. මෙතුමා රටට ආදරය කරන නීතියට වැඩ කරන බව ඔප්පු කරලා තියනවා. ඔබ මගේ සුබ පැතුම් තුමනි. යහ පාලනය සහතික කරන්න. (හේ)
ගයේෂා Thursday, 05 February 2015 04:31 AM
මෙතුමා ඉතාම දක්ෂයෙක්. මේ පත්කිරීම ඉතාම සාධාරණයි. බලය තිබෙනවිට මෙවැනි නිවැරදි කටයුතු කිරීම සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මම අගය කරමි. නිතරම ගරු ජනාධිපතිතුමාට සහාය පළකරමින් ඔබතුමා වෙනුවෙන් සුමන සමන් දෙවියන්ගෙන් පිහිට ඉල්ලා සිටිමි. (නි)
සම්පත් Thursday, 05 February 2015 05:29 AM
යහපාලනය යනු මෙයද? (නි)
නවීන් Thursday, 05 February 2015 05:43 AM
මෙයාලා කෑගැහුවේ ඕකට තමා මෙච්චරකල්. අපි නොදන්නා ලයිවු කිවුවලු. (නි)
සිසිර Wednesday, 04 February 2015 08:55 AM
දර දිය ඇද්ද අය නෑ නේද?(දිල්)
විමුක්ති Wednesday, 04 February 2015 08:58 AM
ඕකටනේ මෙච්චර දවසක් කෑගැහුවේ නේද ? (නදී)
සල්ගාදු ප්‍රන්සය Wednesday, 04 February 2015 08:59 AM
කඩේ ගිය අයට වඩා සුදුස්සාට සුදුසු තැන ලැබිලා තැන ලැබිලා (නදී)
රෝහිනී Wednesday, 04 February 2015 05:41 PM
ඔබට ජයවේවා (නදී)
සමන්ත Wednesday, 04 February 2015 09:10 AM
මහන්සි වුණ තරමට මොනවා හරි ලැබෙන්නත් ඕන නේ.(හේ)
නදීක Wednesday, 04 February 2015 09:11 AM
සිසිර ඔබ 100% හරි. සියලු දෙනා එතුමා වටේ එකතු වෙලා තියෙන්නේ රටට ආදරේට නොවේ .තමන්ගේ අරමුණ ඉටුකරගන්න ..(හේ)
නිමල් Wednesday, 04 February 2015 09:29 AM
මෙම තනතුරු කියපු විදිහට නම් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුට නේ ද ලැබිය යුත්තේ. (හේ)
කුලසිරි ලියන පටබැඳි Wednesday, 04 February 2015 09:32 AM
ඕකටනේ මෙච්චර කාලයක් කෑ ගැහුවේ (නදී)
මිගිද Wednesday, 04 February 2015 09:36 AM
මේකට නියම සුදුස්ස හැටියට යෝජනා කරන්න කැමතියි සිසිර, විමුක්ති, සමන්ත, නදීක සහ පිරිස. (නදී)
රාජා ගුණවර්ධන Wednesday, 04 February 2015 09:37 AM
මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනෙ. කෑගැහුවගේ ප්‍රතිපල තමයි ඔය. (නදී)
ටිරෝන් Wednesday, 04 February 2015 09:43 AM
පහුගිය කාලේ ඔතන වංචා කරපු උදවිය තවම නිදහසේ ඉන්නවා (නදී)
හින්නි Wednesday, 04 February 2015 09:43 AM
මං කරපු ගොං කම. අපේ අප්පච්චි පන යනකං කිවුවා උපාධි සහතික පෙට්ටියේ ඔබාගෙන ඉන්නේ නැතුව වෙනසක් ඇතිකරගනිං කියලා. කෝ මං ඒවාට කන් දුන්නේ නැහැනේ. මමත් දන්නා විජ්ජා පෙන්නුවානං මටත් හොඳ කලක් යවාගන්ට තිබ්බා. (නදී)
රොමේෂ් Wednesday, 04 February 2015 09:49 AM
මෙතුමා ඡන්දෙට සැහෙන්න මහන්සි වුනා. (හේ)
යසිරු Wednesday, 04 February 2015 09:49 AM
අපරාදේ ..මම හිතුවේ අගවිනිසුරු කමට පත් කරයි කියලා.එතුමා තරම් එකට වෙන සුදුස්සෙක් නැහැ..(හේ)
පිවිතුරු යහපාල Wednesday, 04 February 2015 09:49 AM
මීට වැඩිය තනතුරක් දෙන්න තිබුණා නේද ..(දිල්)
පිවිතුරු යහපාල Wednesday, 04 February 2015 09:49 AM
අපි හිතුවේ අග විනිසුරු තැනටවත් පත් කරයි කියලා (දිල්)
සුජිත් Wednesday, 04 February 2015 09:57 AM
වෙනසක් පතා ඡන්දය දුන්න සැමට දැන් දැන් කලකිරීමක් පමණයි ලැබෙන්නේ වගේ (දිල්)
රණවක Wednesday, 04 February 2015 10:06 AM
මෙයා දඟලන කොට අපි දැන ගත්තා නීතියේ ආදිපත්‍ය අතටම අරගෙන තමයි මේ අය තනතුරු ගන්නෙයි , තනතුරුවලින් ඉවත් කරන්නෙයි. අපුරු යහ පාලන නඩේ සහ කඩේ. මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා. (නදී)
රමණි Wednesday, 04 February 2015 10:16 AM
නියම ආදර්ශ පාටය. උපාධි සහතික නැතුවාට කමක් නෑ පොඩ්ඩක් දැඟලුවා නම් තනතුරු ඉබේම අත ළඟටම එ්වි. හොඳ හොඳ සෙල්ලම් දවස් සියයට. (නදී)
සිල්වා Wednesday, 04 February 2015 10:33 PM
ෂෝක් නේද යහ පාලනය. අපරාදේ මටත් තිබුනේ කඩේ යන්න. එහෙනම් දැන් මමත් සබාපති කෙනෙක්නෙ (නදී)
අනුර Wednesday, 04 February 2015 10:16 AM
කලමනාකරණය ගැන පැහැදීමක් තියෙනවද ? (නදී)
ඇසළ Wednesday, 04 February 2015 10:17 AM
දැන් මර බිය නතුව යනවා ඇති. ඉස්සර කිවුවේ එලිය බැස්ස හැටියේ නාදුනන පුද්ගලයින් පස්සෙන් එලවනවා කියලා. කොහොමත් බොරු කියන්න දන්නේ නැති රස්සාව කරන අයනේ. (නදී)
දහම් Wednesday, 04 February 2015 10:26 AM
මෙයා කිව්වා නේද නීතිංඥ සංගමය දේශපාලනයට නැහැ කියලා. ප්‍රේමදාස කාලේ ට්‍රැක්ටර් සංස්ථාවේ සභාපති වෙලා හිටියා නේද ? (නදී)
නිමල් Wednesday, 04 February 2015 10:29 AM
උපුල් ජයසුරිය මහත්තයට කළමනාකරණය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ මහත්තය කලකට පෙර නමගිය සමාගම් වල කලමනාකර අධ්‍යක්ෂක දුරයක් දරපු මහත්තයෙක්. සේවකයන්ගේ හිත දිනාගෙන ආයතනයේ දියුණුව වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. අපේ සුබපැතුම් (නදී)
සමන්ති Thursday, 05 February 2015 12:46 AM
ආයෝජන මණ්ඩලයට පත්කරන්නේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ම නොවෙයි. පසුගිය කාලයේ නම් කවුරුවත් කතාකළේ නැහැ නේද? (නි)
විමුක්ති Thursday, 05 February 2015 01:04 AM
බලමුකෝ වැඩකටයුතු වල ස්වභාවය... (නි)
දිලානි Thursday, 05 February 2015 01:32 AM
මෙයා කඩේ ගියපු එකට පාඩු නැහැ වගේ. ලංකාවේ කවදාවත් මේ ක්‍රමේ වෙනස් වෙන්නෙත් නැහැ වෙනස් කරන්නත් බැහැ. හැමෝම දගලන්නේ රටට ආදරේට නෙමේ තමන්ගෙ පැවැත්මට. (නදී)