IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උපුල්ගෙ නඩුවට නාමලුත් ඇවිත්

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පිරිස් ගල් ගසා මරා දැමිය යුතු යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සිටි රැස්වීමක දී ප්‍රකාශ කළ දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී වී උපුල් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

රහස් පොලිසිය කරුණු දක්වමින් එම සිද්ධියට අමතරව උපුල් ළඟ ජාතික හැඳුනුම්පත් දෙකක් හා සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ද, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ද තිබූ බව කීවේය.

හැඳුනුම්පත් දෙකේ උපන් දින වෙනස් බවත්, මහින්ද රාජපක්ෂ රජයක් යටතේ පොලිසිය ගල් ගසා මරා දැමිය යුතුයැයි ඔහු කළ ප්‍රකාශය රට ගිනිගන්නා සුළු ප්‍රකාශයක් හෙයින් ඔහු රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපති නීතීඥ රසික් සරුක් උපුල් වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ ගමන් බලපත්‍රය ගැනීමට සැබෑ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ඇතැයි ද, වරද සිදුවී ඇත්තේ ඔහු අතින් නොවේයැයි ද කීවේය.

ඔහු කර ඇතැයි කියන වැරදි ඇප දිය හැකි වැරදි බවත් මෙම සිද්ධිය සමථ මණ්ඩලයකට යොමු කළ හැකි බවත් නීතීඥවරයා ඉල්ලා සිටියේය.

IMG_3741 IMG_3747 IMG_3756 IMG_3774



අදහස් (0)

උපුල්ගෙ නඩුවට නාමලුත් ඇවිත්

සමරවීර Wednesday, 10 June 2015 08:56 AM

මේ දේශය පාලනය කරන්න ආපු කට්ටිය ද? නැතිනම්... (ම)

:       0       0

දයා අලහකෝන් Wednesday, 10 June 2015 09:20 AM

මෙයාව ජීවිතාන්තය දක්වා රිමාන්ඩ් කර තිබිය යුතුයි. කථාව ක්‍රියාත්මක වුණානම් පොලිස් සේවකයින් කීයකගේ දරු පවුල් අනාථද? මෙයා ගැන හිතන්න ටිකක් මහත්වරුනි (බ)

:       0       0

ලීල් Wednesday, 10 June 2015 09:32 AM

මෙයාට නම් ඇප දෙන්නම නරකයි (නි)

:       0       0

සජී Wednesday, 10 June 2015 09:42 AM

මෙයාව අත්අඩංගුවට ගත්තේ ගල්ගසා මරාදමනවා කියලා කියපු කතාවකට. එතකොට අයුතු ජනරාශියක් වෙලා ඇත්තටම උසාවියට පොලිසියට ගල්ගසා බන්ධනාගාර බස් කුඩුකරපු අයට දෙන දඬුවම මොනවගේ වේවිද? (නි)

:       0       0

අනුර Wednesday, 10 June 2015 09:50 AM

සජී, බස් වලට ගහනවා කියන එකෙයි ගල් ගහලා මරනවා කියන එකෙයි වෙනස තේරෙන්නේ නැද්ද මනුස්සයෝ? (නි)

:       0       0

ජෝන් Wednesday, 10 June 2015 09:54 AM

මේ වගේ තිරිස්න්නුන්ට නේද මිනිස්සු ඡන්දය දීල තියෙන්නේ (බ)

:       0       0

ලාල් Wednesday, 10 June 2015 09:58 AM

මෙයාව මේ විදියට අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කළ එකම ඇති මේ රටේ නීතියක් තියනවා කියලා ඔය තැන් තැන් වල වාචාල කතා කියන අනිත් අප්පුලා ටිකටත් දැනගන්න.මේවා රටක යහපාලනය පවත්වා ගැනීමට ඉතාමත් අවශ්‍ය බව කවුරු කවුරුත් තේරුම් ගනීවි. (නි)

:       0       0

ජනක Wednesday, 10 June 2015 10:10 AM

ලාල් ඒ වුණාට සජී වගේ අයට නම් මෙයාව අත්අඩංගුවට ගත්තට ගොඩක් රිදිලා වගේ නේද..?(ම)

:       0       0

වෙල් විදානේ Wednesday, 10 June 2015 10:12 AM

ප්‍රිය වචන කතා කරන අයගේ රූපයත් ප්‍රිය මනාප වෙනවා. අශෝභන වචන පවිච්ච්චි කරන අශෝභන හැසිරීම් තියන අය අප්‍රිය ජනක අශෝබන කැත අය වෙනවා. ඩී වී උපුල් මහතා දෙස බැලීමෙන් අපට ඒබව පසක් වෙනවා. (ම)

:       0       0

සනී Wednesday, 10 June 2015 10:17 AM

අයියෝ උපුල්, ඇයි මේ? (නි)

:       0       0

වැකෝ Wednesday, 10 June 2015 10:30 AM

මෙයා දේශපාලකයෙක් ජනතාවගේ නායකයෙක්. මෙවැනි කෙනෙකුගේ කීම නිසා මහජනයා නොමග ගිහින් අපරාධ කිරීමට බොහෝ ඉඩ තිබේ. දේශපාලනඥයෝ ආදර්ශමත් ලෙස හැසිරිය යුතුය. (බ)

:       0       0

බද්‍රානි Wednesday, 10 June 2015 10:46 AM

බලාගෙන ගියාම ඉල්ලගෙන කෑමත් නරකම නැහැ. කොහොම වුණත් අර අනිත් අයට හැදිලා තියන බෝවෙන රෝගි මොහුට හැදෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.(ම)

:       0       0

මහානාම - මතුගම Wednesday, 10 June 2015 10:53 AM

මොහුට අවශ්‍යව තිබුණේ බොරු ප්‍රසිද්ධියක් ලබාගැනීම බව අපි දන්නවා. නමුත් මොහුට නිසි දඬුවම් දියයුතුමයි (නි)

:       0       0

කුමාර් Wednesday, 10 June 2015 11:05 AM

මේ මැරයන්ට උඩගෙඩි දෙන අය ගැන ලොකු කළකිරීමක් ඇතිවෙනවා. (නි)

:       0       0

නිහාල් Wednesday, 10 June 2015 12:59 PM

ආ! අපි හිතුවා එයි කියලා (නි)

:       0       0

ධර්මසිරි Wednesday, 10 June 2015 05:22 PM

නාමල් මොකද නිකම් කලබලයෙන් වගේ? මේ නඩුවලට එය ඇවිල්ලා මොනවා කතා කරන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site