IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උද්ධමනය 62.1%කින් අඩු වෙලා

(අංජුල මහික වීරරත්න)

වසරක් ඇතුලත  උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
2022 වසරේ පළමු සහ දෙවන කාර්තු වන විට 66.7%ක්ව පැවැති උද්ධමනය 2023 වසරේ එම කාලසීමාව වන විට 4.6%ක් දක්වා අඩු කර ගැනීමට සමත්ව තිබෙන බව ද  අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

නව ප්‍රතිසංස්කරණ සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා මෙම වෙනස ඇති වී තිබෙන බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා කීය.

වැඩබලන මුදල්  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඩොලර් බිලියන 1.8ක් ව පැවැති මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.8 දක්වා ඉහළ  දැමීමට වසරක කාලයකදී රජයට හැකියාව  ලැබුණ බවද සියඹලාපිටිය මහතා කීය.



අදහස් (0)

උද්ධමනය 62.1%කින් අඩු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site