
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයකු සමග එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එම වෙඩි ප්‍රහාරය සිදුවූයේ 2023 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදාය.
එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදු නොවීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළේය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සංජීව මහානාම නමැති සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා විදේශගත වී ඇති බවත් ඔහු විදේශගතවී ඇත්තේ පොලිසියට දැනුම්දී නිසි අවසරයකින් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කරන බවද තල්දුව මහතා ප්‍රකාශ කළේය.
එම සහකාර පොලිස් අධිකාරීවරයා සහ මන්ත්‍රීවරයා හොඳින් දන්නා අය විදිහට එම ප්‍රහාරය සැලසුම් සහගතව කර ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ ගැන විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරිවරයා බිරිය සහ දරුවන් මෙසේ විදේශගතව ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇතැයිද පොලිසිය පවසයි
සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා කටුනායක ගුවන් තොටුපළට ගොස් සිය ගිනි අවිය කිසිවකු අතේ සේවා ස්ථානයට එවා ඇති බවටද තොරතුරු හෙළි වී ඇතැයි පැවසූ තල්දුව මහතා ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය.
තම ගිනි අවිය වෙනත් අයෙකුගේ යටතට පත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු කීවේය.
සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බවද පොලිසිය පවසයි.
උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමෙන් පසු ඔහු විදේශගත වූයේය.
COMMENTS
උද්දික පොඩි රඟපෑමක් කරලා වෙනත් රටකට ගිහින් දේශපාලන රැකවරණ යටතේ පදිංචි ය ගන්න උත්සහා කරනව වෙන්න පුලුවන් . අපරාදේ තමන්ගේ මව්බිමේ තිබුණ තැන එයාට ලෝකෙ කොහෙන් ගන්නද ? මිනිසුන් මොනවාද හොයාගෙන වෙනත් රටවල් වලට යනවා. ඒක මුලාවක් විතරයි. රස්සාවක් කරන්න යන එක වෙනම දෙයක්.
අනුරාධපුරයේ අහිංසක ජනතාව රැවටීමට කලින් මේක ගේම දුන්නේ විමල් වීරවංසට. රංගනයේ නාමයෙන් ඊලගට රවටුවේ ජයන්ත චන්ද්‍රසිරි. ඊටත් පස්සේ තමයි කැනඩා රජයට බොරුව දැම්මේ. ඒ රට නම් ඉතින් මෙහෙන් යන ඕන බේගල් කාරයකුට (විශේෂයෙන්ම කොටි හිතවාදීන්ට) තෝතැන්න නිසා උද්දික වැනි කෙප්පයකුට වුවත් ගැලපෙන රටකි.
දෙන්නම ලංකාවෙන් පැනලා යනතුරු බලාගෙන ඉදලා පොලිස් පෙත්තප්පු දැන් දොඩවනවා, මොංගල්ලන්ත පොලිසිය ඇරුණාම රටේ බොහෝ දෙනෙක් සැක කෙරුවා මේක උද්දිකගේ ගේමක් කියලා. අවිහිංසක මිනිහෙක් අල්ලා ගෙන උගේ ඇට කුඩු කරනවා ඇරෙන්න මොංගල්ලන්ත පොලිසියට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.
මේක ඇතුලේ තියෙන දියවන්නා කතාව අප්පිරියයි......මොකද පුංචි ළමයි හිටන් මේ නිව්ස් අහනවා...බලනවා......සමාජය කුණු වෙන්න පටන් ගන්නේ මෙතනින්........ඕක ඇතුලේ ඉන්න සේරම 100% ඔය වගේ.....එක එක එලියට එනවා....ඩයනා ගේ දිගුවේ ....ඊළඟ එක තමයි මේ.....
මේ අපේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්. අපි මෙයාව ආරක්ෂා කරගන්න ඕනි. වහාම පරීක්ෂණ නවත්වන්න
ඕක තමයි උද්ධික කියන්නේ හැම නළුවාටම නාට්‍ය අධ්‍යක්ශනයයි, තිර පිටපත් ලිවීමයි කරන්න බෑ කියලා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී වුණු සිද්ධිය විමර්ශණය කරලා වැරැදිකාරයෝ හොයන්න හදන්නේ මාස 07කට පස්සේ. එතකොට අශ්වයා පැනලා ගිහිල්ලා, දැන් ඉතින් ඉස්තාලය ළඟ පොලිසිය මුරට දාපල්ලා...
පොහෙට්ටුව කියන්නේ තනිකරම කටු ගහක්... ඉතින් ඒ ගහේ කටු උල් කරන්න අවශ්‍ය නැහැ.
බොරුවෙන් රටම මුලාකළ පොහොට්ටුවන්ගේ තවත් මෝඩ වික්‍රමයක්. ලජ්ජාව නැතිකමට මොන උත්තරයක් වත් අදාලද?
මෙයාත් හොඳ කයියනායක කෙනෙක් විතරයි, දන්නෝ දනිති.
මේක රංගනයක් කියලා ඔය ආරංචිය එනකොටම ඕනෑම තර්කානුකුල කෙනෙකුට තේරෙනවනේ. අපේ මෝඩ මිනිස්සු මේ වගේ අයවනේ තෝරාගන්නේ තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතාකරන්න..
මොවුන්ට නම් නිසි දඬුවම් දෙන්න ඕනේ. ඡන්දේ දීපු මිනිසුනේ දෙපාරක් හිතන්න වෙනවා මේ වගේ වංචාකාරයන්ට ඡන්දෙ දෙනකොට...!
මව්බිම වෙනුවෙන් කැපවෙමි
කොහොමත් ඉතින් හොදම නලුවෝ ටික ඉන්නේ විධායක සභා පාර්ලිමේන්තුවේ තමයි
මිනිහා දේශපාලන තර්ජන තියෙනවා කියලා පෙන්නලා වීසා අනුමත කරගන්න ඇති. ඒකට තමයි මේ නාට්‍ය , රටේ වෙන දේවල හැටියට තානාපති කාර්යාල ඕවා විශ්වාස කරාවි. නමුත් මේක එළි වුණොත් ආපහු පටවලා එවාවි...
අනුරාධපුරේ නම කෑවා, ඡන්දෙ දුන්නු අය අනාථයි..., අන්තිමට වුණේ අපේ මිනිස්සු මෝඩයන්ට අන්දවපු එක. කොහොමත් හැමෝම දන්නවා පළමු දවස්වලම එයා කෙරුව බොරුව... පොඩ්ඩක් හරි ගරුත්වයක් තිබුණා නම් ඒකත් නැතිව ගියා. මේ ඔක්කෝම කරලා තියෙන්නේ කැනඩා වීසා ගන්න. ඒකට එයාටම තමයි ප්‍රශ්නයක් වෙන්නේ... කැනඩා එම්බසියෙන් හොඳයි. අන්තිමට විමල්ගේ අනුරාධපුරේ කොල්ලත් රටෙනුත් පැනලා ගියා...