IMG-LOGO

උදව් කරන්න ඇවිත් ගිණුම්වලට විදලා

(තිලකරත්න දිසානායක)

දිවයිනෙහි විවිධ ප්‍රදේශවල ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර මගින් ලක්ෂ 25ක් වංචා සහගතව ගත් බව කියන පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි.

පෞද්ගලික බැංකුවක කිරිල්ලවල ප්‍රදේශයේ ස්ථාපිත ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක් මගින් දිගින් දිගටම ව්‍යාජ කාඩ්පත් උපයෝගී කර ගනිමින් මුදල් ලබා ගන්නා බවට යක්කල පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිට දැනට දොම්පෙ ගිරිදර පදිංචි 32 හැවිරිදි මෙම තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තදින්ම මත් කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නකු  බවත් ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීම පිනිස ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර මගින් වංචනිකව මුදල් ලබාගැනීම සිදු කොට ඇති බවත් අනාවරණයවී යැයි පොලීසිය කියයි.

පොලිස් බල ප්‍රදේශ 14 කට අයත් විවිධ ප්‍රදේශවලදී මෙලෙස වංචා සහගතව මුදල් ලබා ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්  වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වත්තල පොලීසියට ලැබී ඇති බවත් පොලීසිය සදහන් කරයි.

ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර අක්‍රීය තත්ත්වයට පත් කොට මුදල් ලබා ගැනීමට පැමිණෙන ගිණුම් හිමියන්ට සහාය දක්වන බව පෙන්වමින් මොහු අත තිබූ භාවිතා නොවන කාඩ් පත් සහ ගිණුම් හිමියන්ගේ කාඩ්පත් ක්ෂූම ලෙස මාරු කොට රහස් අංක දැනගනිමින් වංචා සහගතව මුදල් ලබාගැනීම් සිදු කොට ඇති බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී ඇත.

 



අදහස් (0)

උදව් කරන්න ඇවිත් ගිණුම්වලට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 353 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site