IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තේ ඩුබායි පොලිසියෙන් - ඇමැති රාජිත

සුජිත් හේවාජුලිගේ
 
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් නොව ඩුබායි පොලිසියෙන් බවත්, ඔහු අත්අඩංගුවට ගත් සැණින් මෙරරට බාර නොදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 
ඔහු මෙරටට රැගෙන ඒමට අනුමැතිය ලැබී ඇතැයි ද සේනාරත්න මහතා කීවේය.
 
ඇමැතිවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.
 
රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.
 
‘‘උදයංග වීරතුංග මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වැටලීම කළේ ඒ රටේ පොලිසියයි. රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම දැන් ක්‍රියාත්මකයි. උදයංග වීරතුංග හැංගුන නමුත් අර්ජුන් මහේන්ද්‍රන් හැංගුණේ නැහැ. අර්ජුන්ට විරුද්ධව මූලික වරෙන්තුවක් තිබුණෙත් නැහැ. උදයංග ඇතුළු පිරිස තමන්ගේ ඥාතියා බලයට එනකම් දැන් බලාගෙන ඉන්නවා.‘‘
 



අදහස් (9)

උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තේ ඩුබායි පොලිසියෙන් - ඇමැති රාජිත

Rajith Wednesday, 28 March 2018 12:50 PM

තාමත් ලොකු ටෝක් නවත්තලා නෑ

:       726       835

rama Wednesday, 28 March 2018 12:52 PM

සිතාසි බාර දෙන්න ගියාම අර්ජුන් නැහැ කියන්නේ හැංගිලා නොවේද? එහෙනම් ඉන්න තැන කියන්නකෝ අර්ජුන ?

:       61       376

සඳුන් Wednesday, 28 March 2018 12:53 PM

"උදයංග වීරතුංග හැංගුන නමුත් අර්ජුන් මහේන්ද්‍රන් හැංගුණේ නැහැ." මහදැන මුත්තටයි ගෝලයො රොත්තටයි වැඩිකල් නොගොස් හැංගෙන්න තැන් හොයාගන්න වෙයි වගේ.

:       433       489

sirimal Wednesday, 28 March 2018 01:07 PM

සම කැබිනට් ප්‍රකාශක කරපු ප්‍රකාශ කීයද ඇත්ත වෙලා තියෙන්නේ. මේ ප්‍රකාශයත් එවගේ එකක්ද දන්නේ නැහැ.

:       65       197

පිටිගල මිලානෝ Wednesday, 28 March 2018 01:35 PM

උදයංග වීරතුංගයි අර්ජුන් මහේන්ද්‍රන්වයි කනෙන් ඇදගෙන ඇවිත් රිමාන්ඩ් කර නඩු අහන්න.

:       0       125

Hafeel Wednesday, 28 March 2018 01:59 PM

චතුර පුතාගේ පියා නේද රාජිත. මේක නම් ලොකුම බොරුවක්.

:       55       233

RaveendraWednesday, 28 March 2018 03:32 PM

නැහැ නැහැ මේ ඉන්නේ දියවන්නා ඔයේ ඉන්න ප්‍රධානතම කවටයා... ඒවගේම මේ අර "පිං "පඩි ගන්න "පියා".

:       14       113

Sira Thursday, 29 March 2018 06:30 AM

කතා සේරම රෙකොර්ඩ් කරලා තියාගත්තොත් වමාරවන්න දවසක් එයි.

:       0       0

Uditha Thursday, 29 March 2018 06:56 AM

අනේ ඇමතිතුමෝ, දන්නේ නැද්ද උන දේ? ලංකාවෙන් කට්ට්ටියක් ගිහිල්ල උදයංග ලංකාවට අරන් එන්න යද්දී උදයංගව එහෙන් නිදහස් කරලා අපේ ගිය කට්ටිය අපහු හිස් අතින් ලංකාවට ආවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 291 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site