(අංජුල මහික වීරරත්න)
වසරක් ඇතුලත උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
2022 වසරේ පළමු සහ දෙවන කාර්තු වන විට 66.7%ක්ව පැවැති උද්ධමනය 2023 වසරේ එම කාලසීමාව වන විට 4.6%ක් දක්වා අඩු කර ගැනීමට සමත්ව තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නව ප්‍රතිසංස්කරණ සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා මෙම වෙනස ඇති වී තිබෙන බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා කීය.
වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඩොලර් බිලියන 1.8ක් ව පැවැති මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.8 දක්වා ඉහළ දැමීමට වසරක කාලයකදී රජයට හැකියාව ලැබුණ බවද සියඹලාපිටිය මහතා කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
උද්ධමනය 62.1%කින් අඩු වෙලා