IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උද්ධමනය ගැන බය හිතෙන අනාවැකියක්

(යොහාන් භාසුර)

‘වැට්’ බද්ද සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය සියයට 7 ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

මෙරට උද්ධමනය ඉදිරියේදී සියයට 4 ත් 6 ත් අතර සාමාන්‍ය අගයක පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් මේ අවස්ථාවේදී වෙළෙඳපොළ පොලිය අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසීමට අවස්ථාව දී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීය.

අපේ පොලිය අනුපාතය ස්ථාවරව පත්වගෙන ගොස් ඉදිරියේදී නැවත සලකා බලන බව කී ඒ මහතා එතෙක් අපි ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව පවත්වා ගෙන යන බව ද පැවසීය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුවේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.



අදහස් (4)

උද්ධමනය ගැන බය හිතෙන අනාවැකියක්

Hafeel Tuesday, 23 January 2024 05:03 PM

කොහොමරි මෙයා මෙම පුටුවට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. නමුත් කරපු දෙයක් නම් පේන්න නැහැ. රනිල්ට කඩේ යන එකයි, මාධ්‍ය සංදර්ශනයත් පමණයි කරන්නේ...!

:       23       46

fairoos Tuesday, 23 January 2024 06:21 PM

කමක් නෑ මහත්තයෝ ... ඉන්න හිටින්න රටක් තියනවනේ... ! 

:       10       21

Bandula Tuesday, 23 January 2024 07:15 PM

තාම විකාර කියවනවා....

:       0       0

chathuri Tuesday, 23 January 2024 07:15 PM

ඔහේ කියවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site