IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උද්දිකගේ පුටුවට මුතුකුමාරණ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවන සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතය.

ඔහු පසුගිය 2020 මහ මැතිවරණයේදී උද්දික ප්‍රේමරත්න මහතාගෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  ශ්‍රී ලංකා පොදු පෙරමුණෙන්  වැඩිම මනාප ගත් අපේක්ෂකයාය.හෙතෙම  එම මැතිවරණයේදී ලබා ලබා ගත් මනාප සංඛ්‍යාව 38,000කි.

හිටපු බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍යවරයකු (2013)  වන මුතු කුමාරණ මහතා උතුරු මැද කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දැනට කටයුතු කරයි.

උද්දික  ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර   මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත

ඇය මෙම දැනුම් දීම කර ඇත්තේ1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරවය.

මේ අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින්  ඉදිරි දිනවල නව මන්ත්‍රීවරයා පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇත.

 
 



අදහස් (0)

උද්දිකගේ පුටුවට මුතුකුමාරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site