තබ්බෝව අභය භූමියෙන් අනවසරයෙන් වැලි ට්‍රැක්ටරයක් ගෙන ආ බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රුවන් පෙරේරා බැඳුම්කරයක් මත මුදාහල බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් සැකපිට තවත් සිව් දෙනෙක් පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් බසාන් අබුතාහිර් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
උප සභාපති අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගැමියන් පිරිසක් පොලිසිය ළඟ උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් පසුව ඔහු මුදා හැර ඇතැයි දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
437
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ඝෝෂණයෙන් පස්සේ ප්‍රා සභා උප සභාපති මුදා හරී
ලියනගේ අත්තනායක Sunday, 08 June 2014 11:49 AM
උද්ගෝෂණ වලින් තොර රටක් අපිට නිර්මාණය කරන්න බැරිද (දී)
ඇසළ Sunday, 08 June 2014 12:18 PM
ලංකාවට පළාත් සභා ක්‍රමය හරියන එකක් නෙමෙයි. රට පුංචි වැඩියි පලා බබ්බු දහස් ගණනක් ඔරොත්තු දෙන්නේ නැහැ. සේරම හදන්නේ රට පාලනය කරන්න. පොලිසියටත් රාජකාරි කරන්න දෙන්නේ නැහැ. (දී)
ලක්ෂික Sunday, 08 June 2014 12:20 PM
කලකිරෙනව ආප්පා (දී)
විනුක Sunday, 08 June 2014 12:25 PM
අනේ අපේ රටකට ගිය කලක් (දී)
බිමල් Sunday, 08 June 2014 12:42 PM
කොහොමද දන්නේ උද්ඝෝෂණය කලේ ගැමියෝද නැති නම් කාගේ හරි හෙන්චය්යන් ටිකක් ද කියලා. පුදුම වැඩේ කෑගහපු ගැමියන්ගේ මතයට ගරු කරලා ඇප දීලා. දැන් එතකොට මිනියක් මැරුවත් ගෙදර නෝනා හතර වරිගය එක්ක ඇවිත් උද්ගොශන කළා නම් ඇප දෙනවා. (දී)
බන්දුල පෙරේරා Sunday, 08 June 2014 01:03 PM
ගැමියන් පිරිසක් කියනවට වඩා ඔහුගේ ගෝල බාලයෝ කල උද්ගෝෂණයක් කිව්වනම් නිවැරදි (දී)
කරුණාජීව Sunday, 08 June 2014 02:00 PM
හරි ෂෝක් ගැමියෝ ටික.පලා බබාගේ නෑදෑයෝ වෙන්න ඇති. (ස)
සඳුන් Monday, 09 June 2014 07:47 AM
එතකොට මේ උද්ඝෝෂණ පැවැත්වූවාට කමක් නැද්ද? (නි)
ජෝයි ඩයස් Sunday, 08 June 2014 04:37 PM
ප්‍රජාත්‍රන්ත්‍ර වාදය මරා දමමින් නීතිය සුරකින නිලධරයන්ට පහර දෙමින් රටේ පොදු නීතිය උල්ලංගනය කල අයවලුන් බේරාගන්න උද්ඝෝෂණය කළේ බත් පෑකට්ටුවටද? මත් වතුර ටිකටද? මෙවෑනි මෝඩ මිනිසුන් ඉන්න අපේ රටට බුද්ධිය වඩන්න ඉහල ඉදන් පහලට තිස්තුන් කෝටික් දෙවි දේවතාවුන්ගේම පිහිටයි.රැල්ලට නෙමේ..බුද්ධියට තැන දෙන්න. (ස)
හනිස් Sunday, 08 June 2014 05:52 PM
අපිට මොකද අනේ (දී)
පියල් Sunday, 08 June 2014 07:28 PM
ඇත්ත කතාවනම් මට වැඩක් නැහැ (දී)
පිටිගල Sunday, 08 June 2014 08:13 PM
ඔහොම බයේ ජීවත් වෙලා මොකටද? (නදී)
චමිල Sunday, 08 June 2014 08:41 PM
හරිනම් ඔය උද්ගෝෂණය කරපු අයව අත්අඩංගුවට ගන්න ඕන .(දී)