
(සිතුම් චතුරංග)
මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය.
යාපනය , කිලිනොච්චිය , මන්නාරම , වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි නීතිඥයවරු එලෙස නඩු කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූහ.
නීතිඥයවරුන් නඩු කටයුතුවලින් ඉවත්වීම හේතුවෙන් උතුරු පළාතේ අධිකරණයන් හි දෛණික කටයුතු අඩාලවීම හේතුවෙන් පැමිණි පිරිස් දැඩිඅපහසුතාවට පත්ව සිටි අතර නීතිඥයන් නොමැතිවීම හේතුවෙන් අධිකරණයන් හි නඩු විභාග කල්දැමීම පමණක් එහිදී සිදුවිය.
මුලතිව් දිස්ත්‍රික් නීතීඥයවරුන් ටි.සරවණරාජා මහෙස්ත්‍රාත්වරයාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාල පුද්ගලයන්හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා වැඩ වර්ජනයේ නිරතවන අතර විසඳුමක් ලැබෙනතුරු තමන් අඛණ්ඩව අධිකරණ කටයුතු වර්ජනයේ නිරතවන බවත් මුලතිව් නීතීඥයවරුන්ගේ සංගමය පවසයි.
COMMENTS
හොඳම දේ ඒක තමයි
දැන් බයියෝ කියා කොටි නැගිටිනවා කියලා
දීප ව්‍යාප්ත විරෝධතාවයක් පැවැත්විය යුතුයි සියලුම නීතිඥවරු අත්වැල් බැඳගන්න
රටෙ සියලුම නඩුකාරවරු නඩු කටයුතුවලින් ඉවත් විය යුතුයි. නැත්නම් මෙ රටෙ නීඑතියක් නති වෙනව.
මුලතිව් මහෙස්ත්‍රාත්තුතුමා ඉල්ලා අස් උනේ කාලකන්නි දුශිත දේසපාලුවන්ගෙන් එල්ලවූ බලපෑම් නිසා.
ඒ කත් පුල්ලි වැඩක් වගේ!!¡ අර කවුද කියලා තිබුණා වගේ නඩුව ට බලපෑම් ආවනං එකට කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද? මෙයත් රට ගිහින් සරණාගත ලිස්ට් එකකින් ගොඩයන්න වගේ හදන්නේ!!!
මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතා වෙත එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර තර්ජනය කිරීමට හේතුව සහ එසේ කළ පුද්ගලයින් පිළිබඳව අධිකරණය සොයාබලා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගත යුතුවේ...
මහේස්ත්‍රාත්වරයාට එල්ල වූ බව කියන මරණ තර්ජනය පිළිබඳව අනිවාර්යයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. හැබැයි සියල්ලටම පෙර එතුමා පොල්සියට හෝ වගකිවයුතු බලධරයාට හෝ විධිමත් පැමිණිල්ලක් කළ යුතුයි. මේ උගත් නීතිඥ මහත්ම මහත්මීන් හෝ මේ වර්ජනයට පෙර ඒ පැමිණිල්ල කරලා සිටියා නම් නේද පරීක්ෂයක් කරන්න පුළුවන් වෙන්නේ...?
අපිට පාන්ද? කවදාවත් එයා කිව්වේ නෑ එයාට මරන තර්ජන කියලා. හිටපු ගමන් එන්නේ ඔය කොටි සෙවනැලි. අනික අපේ පන්සල්වලට එයා දුන්නේම කොටියන්ගේ තීන්දු. ඉතින් ඔවුන් වැඩ කළත්, නොකළත් අපට මොකද?
තව සෑහෙන කට්ටිය කැනඩාවට ගිහින් දේශපාලන රැකවරණ ගන්න හිතන් ඉන්නවා වගේ...!
මට තියෙන ගැටලුව තමයි ඇයි එතුමා නීති මගින් මෙම කාරනාව සම්බන්ඩව පියවර නොගත්තෙ කියල.