
(අංජුල මහික වීරරත්න)
උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල රෝහල් ප්‍රගති සමාලෝචනය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු තඹුත්තේගම, කැඹිතිගොල්ලෑව, කහටගස්දිගිලිය, කැකිරාව, මැචවච්චිය සහ පදවිය යන මුලික රෝහල්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව ශික්ෂණ රෝහල ඇතුළු පොළොන්නරුව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ සහ වැලිකන්ද යන මුලික රෝහල්වල ප්‍රගති සමාලෝචන කටයුතු මෙහිදී සිදුවිය.
මෙහිදී එක් එක් රෝහල් වල පාලනාධිකාරිය විසින් එම රෝහල්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, දැනට ක්‍රියාත්මක සහ අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති හා යෝජිත නව ව්‍යාපෘති පිළිබඳව ද ඖෂධ ඇතුළු රෝහල්වල මුලික අවශ්‍යතා පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කරන ලදි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විඡේමුණි මහතා මෙහිදී කීවේ රෝහල් සංවර්ධන කටයුතු සඳහා වන ප්‍රතිපාදන ගැටළුවකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවයි.
2025 නොවැම්බර් මස 04
696
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2367
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු මැද රෝහල්වල ප්‍රගතිය විමසයි