
(අංජුල මහික වීරරත්න)
උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම පක්ෂයේ නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැති හමුවකදීය.
පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කීවේ උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඕනෑම ව්‍යාපෘතියකට තම පක්ෂයේ නොමඳ සහාය ලබා දෙන බවයි.
එසේම, ජාතිවාදයට එරෙහිව ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය දැක්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසුවේය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සී.වී.කේ. සිවඥානම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. රාසමානික්කම්, පී. සත්‍යලිංගම් , ජී. ශ්‍රී නේෂන්, එස්. ශ්‍රී ධරන්, ටී. රවිහරන්, කේ. කෝඩීෂ්වරන්, කේ. එස්. කුගදාසන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුද, ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2545
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උතුරු නැගෙනහිර ගැටලු වලට නව දේශපාලන විසඳුමක්
බද්රානි Wednesday, 19 November 2025 08:16 PM
ඇත්තෙන්ම කියනවා නම් ලංකාවේ හැමෝටම තියන ආර්ථික ප්‍රශ්න හැරුනුකොට උතුරෙයි, නැගෙනහිරයි ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ජාතිවාදය අවුස්සා දේශපාලනය කරන තක්කඩි දේශපාලුවෝ සහ, "රාජපක්ෂ නිකායේ කහකඩයෝ" තමයි නැති ප්‍රශ්න ඇති කොට. ජනතාව මුලාකොට ඔවුන්ගේ බඩ පුරවා ගැනීම වෙනුවෙන් ප්‍රශ්න ඇති කරන්නේ. අර සර් ජෝන් මහත්මයා කිව්වා වගේ මෙවුන්ගේ තට්ටෙට තාර ගාලා, ගෝල්ෆේස් එකේ එල්ලන්න ඕනා. නැත්නම්, ඉතින් අපේ රට විතරක් නෙවෙයි. මහානායක වහන්සේලා ඇයි මේ සුනඛ රැල මේ විදිහට හුරතල් කරන්නේ. පවතින රජයට විශාල වගකීමක් තියනවා, මේ දඩාවතේ යමින් සමාජය වනසන සුනඛයින් බලු වෑන් එකක පටවාගෙන ගොස් කප්පාදු කිරීමට. එහෙම නැත්නම්, රජයටවත්, මේ රටේ ජනතාවටවත්, රටට වත් පැවැත්මක් නැහැ. විනාශය පමණමයි.