IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරේ හතරක් අබුඩාබියෙන් හරවා එවලා

ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ස්විස්ටර්ලන්තයට යාමට උත්සහ කළ  තරුණියන් තිදෙනෙක් සහ ඔවුන් ඒ සඳහා මෙහෙයවු බව කියන පුද්ගලයෙකු අබුඩාබි ආගමන විගමන නිලධාරීන්  විසින් ආපසු හරවා මෙරටට එවා සිටියදී  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

තරුණියන් තිදෙනා ඔවුන්ගේ  සැබෑ ගුවන්ගමන් බලපත් භාවිතා කරමින්  නිත්‍යානුකූල අයුරින් මෙරට සිට අබුඩාබි බලා ගොස් ඇති අතර එහිදී ශ්‍රී ලාංකික තැරැව්කරුවා  හමු වී ඇත.

පසුව ඔවුහු ව්‍යාජ ගුවන් ගමන් බලපත් හා වීසා භාවිතා කරමින් අබුඩාබි සිට ස්විස්ටර්ලන්තයට යාමට උත්සහ කරද්දී මෙලෙස පිටුවහල් ‍ කොට එවා ඇති බව වාර්ථා වෙයි.

  ඔවුහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 124 දරණ ගුවන්යානයෙන් ආපසු එවා තිබිණි.

 



අදහස් (0)

උතුරේ හතරක් අබුඩාබියෙන් හරවා එවලා

තිලින Saturday, 28 February 2015 10:58 AM

මේ කට්ටිය ඊට පස්සේ ලංකාව ගැන බොරු කියල සරණාගතයෝ වෙන්ඩ බලනවා (නදී)

:       0       0

ජෝයි ගොඩ්රි Saturday, 28 February 2015 12:00 PM

මේ වෙන දෙවල් බලද්දී හෂී වීරවංශගේ ප්‍රස්නය නිර්ව්‍යාජයි වගේ. එගැන හොර පාස්පෝට් ගැන ෆයිල්වෙලා නෑ. දෑන් මේවා අහුඋන නිසානේ. අහු නොවි දවසකට කොච්චර යනවාද? ඒක නිසා සුලු සුලු හොරකම් අල්ලන්නේ. නැතිව තෝරු මෝරු අල්ලලා පෙන්වන්න. මිනිස්සු දැන් දියුණුයි. දින 100 බලාගෙන ඉන්නේ පාස්පෝට් විතරක් අල්ලලා මදි. (නදී)

:       0       0

රිචි බාලසුරිය Saturday, 28 February 2015 12:16 PM

ඔහොම ගිහින් තමා ලංකාවේදී ඔවුන්ට ජීවිත තර්ජන තිබුණා කියා සරණාගත වීසා ලබන්නේත් (නි)

:       0       0

උමේෂ් Saturday, 28 February 2015 01:02 PM

ඔව් ඔව් මුළු රටේම ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ පාස්පෝට් බලන්න . ලොකු ලොකු ළමාතැනිලාව අනේ පව් කියල පැත්තකට කරන්න බැරිය එතකොට. දැන් මේ කාන්තාවන්ගේ මහත්තුරු දේශපාලකයන් නෙවෙයි නිසානේ මෙහෙම කර මුලින්ම අල්ලා ගත්තේ. ඒගොල්ලන්ට ඇප දෙන එකකුත් නැහැ. (අ)

:       0       0

ලෝචන Saturday, 28 February 2015 02:08 PM

මේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ජනතාව දැන් තේරුම් අරගෙන අවසානයි (නි)

:       0       0

ජෝයි ගොඩ්රි Saturday, 28 February 2015 04:35 PM

මහජනයා මේවා බලාගෙන ඉන්නවා දේශපාලන පළිගැනීම්ද නීතියද කියලා.හැබැයි මාධ්‍යයට අත තියන්න සූදානම් වෙන්න එපා.මාධ්‍යය තමා රටක පෙරගමන්කරුවා (නි)

:       0       0

සමන් Sunday, 01 March 2015 04:55 AM

මේ ද්‍රවිඩ අය‍ට කවදාවත් ලද දෙයින් සැනසෙන්න බැරි ගතියක් තියනවා. මම දන්නා මැද පෙරදිග, මැලේෂියානු සහ ඇමරිකාවේ රටවල ඉන්න හැම අයගෙම ගති ලක්ෂණය එ්ක තමා.(නදී)

:       0       0

කමල් Sunday, 01 March 2015 06:33 AM

සමන් මෝඩ කතා කියන්න එපා. ලද දෙයින් සැනසෙන්න බැරි උදවිය හැම ජාතියේම ඉන්නවා. පාස් පෝට් එකට බොරු තොරතුරු දුන්න නෝනලාට මොනවයින් අඩුවක් වෙලාද එහෙම බොරු කලේ?. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site