IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


උතුරේ හතරකගේ කැනඩා ගමන නවතී

ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා කැනඩාවට යාමට උත්සහ කළ  ශ්‍රී ලාංකිකයෝ   සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්  විසින් අද  අත් අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවෝ  යාපනය මොල්ලිපුරම්  සහ ඉලවාලෙයි ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 24 ත් 33 ත් අතර තරුණ, තරුණියෝ වෙති.

මින් දෙදෙනකු සොහොයුරියක සහ සොහොයුරකු වන අතර ඔවුහු  තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ 731 දරණ ගුවන් යානයෙන් තුර්කිය හරහා කැනඩාව බලා යාමේ අරමුණින් කටුනායක  බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

එහිදී තුර්කි ගුවන් සමාගමේ නිලධාරියෙකු විසින් මොවුන්ගේ ගුවන් ගමන් බලපත් සහ වීසා පරික්ෂා කිරීමේදී  ඇති වු   සැකයක් මත ඒ බව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් අනතුරුව මොවුහු අත් අඩංගුවට ගෙන තිබේ.

මේ දෙදෙනාගේ සැබෑ ගුවන් ගමන්බලපත් තුර්කියට යවා එහි    සිටින කිසියම් පුද්ගලයෙකු විසින් ව්‍යාජ වීසා ස්ටිකර  අලවා ආපසු    ශ්‍රී ලංකාවට එවා ඇති බව  කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ අතර මොවුන් සතුව තිබී අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක්ද අත් අඩංගුවට  ගත් බව පොලීසිය කියයි. එයද ව්‍යාජ වීසා ලබා ගැනීමේ අරමුණින් කැනඩාවට රැගෙන යාමට උත්සහ කර ඇති බවට පොලීසිය සැක කරයි.

ඉන් සුළු  මොහොතට පසු තවත් තරණියක් සමග පැමිණ තරුණයෙක්වද මේ අයුරින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්  විසින් අත් අඩංගුවට ගැනීමට සමත් විය.

ඔවුන්  දෙදෙනාද ගුවන්  තැපෑලෙන් ඔවුන්ගේ  සත්‍ය ගුවන් ගමන් බලපත් කැනඩාවට  යවා ව්‍යාජ වීසා ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

විදේස රටවලට තරුණ තරුණියන් යවන තවත් මිනිස් ජාවාරමක සුල මුල හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විමර්ෂණ අරඹා තිබේ.

 

 

 



අදහස් (0)

උතුරේ හතරකගේ කැනඩා ගමන නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 409 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 856 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site