IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරු මැද හොර සුරා අඩුවෙලා

මෙම වසරේ ජූලි මාසය දක්වා සහ අගෝස්තු මාසයේ මේ දක්වා සුරාබදු වැටලිම් 718 ක් අනුරාධපුර කැබිතිගොල්ලෑව හා පොළොන්නරුව ප්‍රෙද්ශ වලින් සිදුකර ඇතැයි උතුරුමැද  සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලය කියයි.

ලැබුණු තොරතුරු අනුව වැටලීම් නිලධාරීන් විසින් කර ඇති මෙම වැටලිම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති නිති විරෝධි මත්පැන් හා 2006 දුම්කොළ හා මද්‍යසාර අධිකාරී පනත යටතට ගැණෙන ද්‍රව්‍ය ඒ ඒ බල ප්‍රෙද්ශයන් හී  අධිකරණ වෙත ඉදිරිපත් කර නඩු පවරා ඇතැයි  සහකාර සුරාබදු කොමසාරිස් රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.

උතුරුමැද පළාතේ නීති විරෝධි මත්පැන් පෙරීම් යම් දුරකට අඩු වී ඇතැයි සහකාර කොමසාරිස් වරයා කියයි. විශේෂයෙන්ම කසිප්පු පෙරීමේ ස්ථාන මෙම වැටලීම් නිසා බොහෝ අඩු මට්ටමකට පත්ව ඇතැයි ද සඳහන් කළ ප්‍රනාන්දු මහතා මහජනතාවගෙන් ලැබෙන පැමිනිලි අනුව නිරන්තර වැටලීම් සිදු කිරිමට සුරාබදු අධිකාරී කාර්යාල හා සුරාබදු ස්ථාන වලට උපදෙස් දී ඇතැයි ද සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙළ හේතුවෙන් ඉකුත් මාසයේ නීති විරෝධි මත්පැන් අළෙවිය අඩු වී ඇතත් රජයේ බලපත්‍ර යටතේ මත්පැන් අළෙවිහල් වල මත්පැන් විකිණිම වැඩි වි ඇති බව පෙන්නුම් කරන බව සුරාබදු නිලධාරීහු පවසති.

මේ අතර මෙම මැතිවරණ කාලසිමාවේ උතුරු මැද පළාතේ නීති විරෝධි මත්පැන් අලෙවියට මුළු මනින්ම වැට බැඳ ඇති අතර අද (15) සිට 18 වැනිදා තෙක් ලැබෙන තොරතුරු අනුව වැටලීම් සිදු කිරීමට සුරාබදු කොමසාරිස්වරයා නියෝග දී ඇතැයි ද ඒ සඳහා පියවර ගැනීමට එම කාලය තුළ සුරාබදු නිලධාරීන්ගේ නිවාඩු මුළුමනින්ම අවලංගු කිරිමට තීරණය කර ඇතැයි ද නිලධාරියෙක් කියයි.

 



අදහස් (0)

උතුරු මැද හොර සුරා අඩුවෙලා

ඉමේෂ් Friday, 14 August 2015 08:57 AM

අපරාදේ (අ)

:       0       0

විපුල Friday, 14 August 2015 11:11 AM

පානදුර නගරයට කිට්ටුව කසිප්පු විකුනනවා. රේල්පාර කිට්ටුව මුළු දවසෙම රා විකුනනවා. මේවත් නවත්තල දෙන්න. (නදී)

:       0       0

විපුල Friday, 14 August 2015 11:12 AM

උතුරු මැද විතරද මේවා තියෙන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site