IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරේ මුඩු බිම් සරු කරති

යාපනය ,කිලිනොච්චි ,සහ මුලතිව් යන දිස්තික්ක තුනේ මුඩු බිම් අක්කර 500ක පමණ මේ වනවිට සාර්ථකව වගා කර ඇතැයි සිවිල් ආරක්ෂක බලකාය කියයි. කොටි සංවිධානයේ සිටි තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන මෙම ගොවිපළ ඇතිකර වගාව ආරම්භ කර ඇත .

යාපනය. කිලිනොච්චි ,මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්. රත්නප්‍රියබන්දු මහතා මෙම පිරිස පුනරුත්තාපනය කර සමාජ ගතකිරීමේ මුලිකයා විය.

මෙසේ සිවිල් ආරක්ෂක බලකායට බඳවාගෙන සිටින පිරිසට මසකට රු 30000ක වැටුපක් ,ලබාදී ස්ථිර සේවයේ යොදවා ඇති බවත් කොටි සංවිධානයෙන් මෙසේ මුදල් නොලැබුණු බවත් ඔවුහු කීහ.

නැවත මේ රටේ යුද්දයක් ඇති නොවිය යුතු බවත් අද තමන් දරුවන් දෙමාපියන් සමග සතුටින් ජිවත් වන බවත් ඔවුහු පවසති.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු ඉදිරියටත් සිදුකරගෙන යයි.

DSC07627 DSC07685 DSC07714 DSC07726 DSC07767 DSC07833



අදහස් (0)

උතුරේ මුඩු බිම් සරු කරති

සුමිත් Friday, 21 August 2015 08:25 AM

හරිම සතුටු හිතෙනවා , හොඳ වැඩක් කරලා තියෙන්න, සින්හල දෙමල මුස්ලිම් අපි ඔක්කොම මේ රටේ මිනිස්සු, සහෝදර සහෝදරියෝ, (ම)

:       0       0

සෑම් Friday, 21 August 2015 08:41 AM

හරිම සතුටුයි මේවා අහන්න ලැබෙන එක. එයාලත් අපේම දුවා දරුවෝ කියලා අමතක කරන්න හොඳ නැහැ. (ම)

:       0       0

මේනක අනුරාධ Saturday, 29 August 2015 02:02 PM

නියම වැඩකාරයෝ. අපිට මේ වගේ මහන්සියෙන් වැඩකරන නියම මිනිසුන් අවශයයි. නියම නායකත්වයක් දී ඇත (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 21 August 2015 08:47 AM

පහුගිය ආණ්ඩුවේ හොඳ වැඩක්. (ම)

:       0       0

යොහාන් Friday, 21 August 2015 04:55 PM

අගය කළයුතු කටයුත්තක්. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 21 August 2015 09:14 AM

තරුණ ශ්‍රමය මේ වගේ රටට වැඩදායක දේවල් වලට යෙදවීම කොච්චර හොඳද. (ම)

:       0       0

හිරෝෂන් Friday, 21 August 2015 05:17 PM

බොහොම හොඳයි (නි)

:       0       0

නොයෙල් Friday, 21 August 2015 05:20 PM

කියලා වැඩක් නැහැ. අන්න වැඩ! (නි)

:       0       0

ප්‍රියංක Friday, 21 August 2015 09:38 AM

හරිම සතුටුයි (ම)

:       0       0

උපාලි Saturday, 22 August 2015 08:44 AM

බොහොමත්ම අගය කළයුතු වැඩක්! (නි)

:       0       0

සරත් Saturday, 22 August 2015 01:32 AM

ඔය මොනවා කළත් , ඡන්දෙ දෙන්නේ කොටි නකුටු වලට නේ. (බ)

:       0       0

ගුණදාස Saturday, 22 August 2015 02:22 AM

හොද වැඩක් මේවා අපි අගය කරමු (ම)

:       0       0

යෝෂිත Friday, 21 August 2015 07:12 AM

අගය කළ යුතු වැදගත් කරුණක් සහයෝගීතාවය වර්ධනය වේවා (ම)

:       0       0

නිලාන් (දෝහා ) කටාර් සිට Saturday, 22 August 2015 04:39 AM

රට හදන්න එකතු වෙන්න.පාට පක්ෂ, ජාති අමතක කරන්න. ශ්‍රී ලන්කන් කියා හිතන්න. එතනයි දියුණුවේ රහස. (නි)

:       0       0

විජේබන්දු Friday, 21 August 2015 02:30 PM

අති විශිෂ්ඨ වැඩක් ...අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ......... (ම)

:       0       0

අරවින්ද Saturday, 22 August 2015 04:50 AM

මමත් දමිළ තරුණියක් එක්ක විවාහ වෙන්න හිටියා. එ්ත් අපේ රටේ තියෙන මේ සිංහල දෙමල විරසකය නිසා ඒක මගහැරුනා.(නදී)

:       0       0

බුද්ධික Saturday, 22 August 2015 04:54 AM

මේක තමා වෙන්න ඕනේ...කදිමයි... (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site