(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව 2028 වසර වන විට බිම්බෝම්බ හා පුපුරා නොගිය යුද්ධෝපකරණ වලින් තොර රටක් බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමට තව ඇත්තේ කිලෝමීටර් 23 ක් බවද අමාත්‍යවරයා කීය.
බිම්බෝම්බ තිබූ සමස්ථ භූමියෙන් කිලෝමීටර් 1340.87 ක ප්‍රදේශයක බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, එම ප්‍රදේශයෙන් බිම්බෝම්බ 2,492,081 ක් සොයාගෙන විනාශ කර ඇති බවත් ඇමතිවරයා කීය.
උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කර සිවිල් පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතතාවය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද ඇමතිවරයා පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ලෝක බිම්වෙඩි දින ජාතික උත්සවයට සහභාගී වෙමිනි. මෙම උත්සවය කිලිනෝච්චිය මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
380
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු නැගෙනහිර කිලෝමීටර් 23ක තාමත් බිම් බෝම්බ
Bamunuarachchi Monday, 08 April 2024 08:03 AM
බිම් බෝම්බ වැළලුවේ අපි නොවෙයි. දෙමළ සෙට් එක ඒගොල්ලෝම හොයා ගනීවි. අපි මොකටද ඕව හොයන්න යන්නේ? කොහේ තිබෙන අමාරුවකටද?
පිටරටවැසියා Monday, 08 April 2024 09:20 AM
ඔය කිලෝමීටර් 23 නේ දියවන්නාවේ ඉන්න 226 ඔහොම්මම පදිංච කරවන්න.