කිලිනොච්චිය හා යාපනයේ අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.
ප්‍රදේශයේ වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන වගා කිරීම සඳහා ප්‍රදේශවාසීන් උනන්දු කිරීම, වගා කරන බෝග වලට ඉහළ මිලක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය වෙළඳපොළ නිර්මාණය කිරීම හා එම නිෂ්පාදනයන් වෙනුවෙන් අගය එකතු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ මහතා කියා සිටියේ පුද්ගලික අංශයට වැඩි අනුග්‍රහයක් ලබා දෙමින් හා උනන්දුවක් ඇති කරමින් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවශ්‍ය සහාය රජයක් ලෙස ලබා දීමට කටයුතු කළ යුතු බවයි. ඒ අනුව රජයට සමගාමීව පුද්ගලික අංශයේ ද රැකියා උත්පාදනය වීම ආරම්භ වන බවත් ඒ හරහා රැකියා දස ලක්ෂයක් ඇති කිරීමේ අරමුණ දිනා ගත හැකි බව ද ඔහු සිහිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ කෘෂි බෝග වගාවට ඇමැතිගෙන් තල්ලුවක්
ප්‍රංශයේ - සුජීව Wednesday, 07 October 2015 05:03 PM
රටේ කුෂි කර්මය දියුණු කරන්න මිනිස්සු කාලා බිලා හරි ඉදියි. (ර)
ධර්ම ජයවික්‍රම Thursday, 08 October 2015 06:11 AM
සිවිල් යුද්ධයට පෙර උතුර සරු ගොවිබිමක්. ඇමතිතුමනි ඔබේ මැදිහත්වීම අගය කරනවා. බිඳී පලදු වී ඇති හොඳ හිත වගා කරන්න. රටට අවශ්‍යය රතු ලුණු යාපනෙන් අපිට ලැබෙයි.(ම)
චානක Wednesday, 07 October 2015 11:44 PM
ජය වේවා (ම)
අබය Wednesday, 07 October 2015 12:25 PM
දයා ගමගේ කියන්නේ නව මානයක් තුලින් ලෝකය දකින මහත්මයෙක් එතුමා රටට ලොකු දෙයක් කරයි කියලා හිතෙනවා. මම ඔබතුමාට යෝජනා කරනවා "මයිසූර් පරිප්පු" මෙරටේ වවන්න පුලුවන්ද කියලා හොයලා අත්හදා බලන්න කියලා. (ර)
තිලක් උඩතැන්න Wednesday, 07 October 2015 01:58 PM
දයා මහත්තයා අවංක කෙනෙක් රටට යහපතක් කරන්න එතුමාට සහය දෙමු.(හේ)
මනෝ Wednesday, 07 October 2015 02:07 PM
උතුර අමතක කරන්න හොද නැ. සාරවත්ම පස තියෙන්නේ කිලිනොච්චියේ. එහෙ ගොවියන්ට ඕනි වතුර වලක් විතරයි දියුණු වෙන්න. ආදාර ඕනි නැ. (අ)
ශෂි Thursday, 08 October 2015 04:25 AM
අපි වැඩියෙන්ම කන්නේ පරිප්පු, ගෙහෙන්නේ පිටරටින්. අපිම වවන්න උත්සහ කරමු (ම)
කුමාර් (ගල්ෆ්) Wednesday, 07 October 2015 10:42 AM
ගොවියාගේ දුක දන්නේ ගොවියා පමණයි. (ර)