IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උතුරේ කතක් ලක් හමුදාව බේරයි

තම දරුවන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිටුපස සිටින්නේ ආරක්ෂක හමුදාව නොව ඉන්දීය සාම සාධක හමුදාව බව යාපනය වැල්වටිතුරෙයිහි දී ව්‍යාපාරික පුතුන් දෙදෙනා 1989 දී අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනපති කොමිසමට සාක්කි දෙමින් ඔවුන්ගේ මව කියා සිටියාය.

කොටි සංවිධානය හා ඉන්දීය සාම සාධක හමුදාව අතර 1989 වසරේ ගැටුම් පැවැති කාලයේදී වැල්වෙටිතුරෙයි හි වෙළඳසලක් පවත්වාගෙන ගිය තම තරුණ දරුවන් දෙදෙනා සාම සාධක හමුදාවේ නිලධරයින් විසින් පැහැරගෙන යනු ලැබූ බවත් ඔවුනට සිදුවූයේ කුමක්දැයි තවමත් නොදන්නා බවත් මව අතුරුදන්වූවන් සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළාය.

එබැවින් ඔවුන් පිළිබඳව සෙවීමට ඉන්දීය සාම සාධක හමුදාවත් විමර්ශනයට ලක් කරන්නැයි කොමිසම ඉල්ලා ඇත.

අතුරුදන්වූවන් සෙවීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේ දෙවැනි අදියරේ සාක්කි ලබා දීමට යාපනය දිස්ත්‍රික්කයේ 993 දෙනෙක් ඉදිරිපත්වී සිටිති.

කොමිසමේ සභාපති විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් දින 6ක් පුරා යාපනය දිස්ත්‍රික්කයේ 1620 දෙනෙක් කැඳවනු ලැබූහ. ඉන් 993 දෙනෙක් සාක්කි දුන්හ. තවත් පැමිණිලි 337 ක් ලැබී ඇති බව කොමිසම පවසයි.



අදහස් (0)

උතුරේ කතක් ලක් හමුදාව බේරයි

ගොඩගේ Thursday, 17 December 2015 10:02 AM

උතුරේ අම්ම කෙනෙක් සැබැ දෙය එලෙසින් කීම ගැන ලාංකික අපි සතුටු වෙමු . එතකොට දකුණේ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම කළ අම්මලාට...? (බ)

:       0       0

සොපි Thursday, 17 December 2015 10:28 AM

බොරුවෙන් ජයගන්නට නොසිතු ඉතාම ආදර්ශවත් නුවණැති කාන්තාවක්. (ර)

:       0       0

චතුර Thursday, 17 December 2015 01:19 PM

දකුණේ භීෂණ කාලේ අතුරුදහන් වෙච්ච අය ගැන හොයන්න කවුරුත් නැද්ද. හොයන්නේ නැත්තේ ඒ එජාප ආණ්ඩුව කාලේ වෙච්ච දේවල් නිසාද දන්නේ නෑ. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 17 December 2015 06:51 AM

සතුටුයි මෙවැනි අපක්ෂපාති සිද්ධියක් අහන්න ලැබීමත්. (ම)

:       0       0

මහින්ද Thursday, 17 December 2015 07:09 AM

නියම අම්මා කෙනෙක් (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 December 2015 09:13 AM

අම්මත් හොඳයි , කොමිසමත් හොඳයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site