යුද්ධය හේතුවෙන් අවතැන්වී තවමත් වන්නියේ ස්ථිර ලෙස පදිංචි නොවූ අවතැන් ඡන්දදායකයින් දසදහසකට ආසන්න පිරිසක් වෙණුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පුත්තලම සහ අනුරාධපුර ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන 24ක් පිහිටුවා ඇතැයි වන්නි දිස්ත්‍රිකක්යේ මැතිවරණ තේරීම්බාර නිලධාරී සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා කියයි.
මන්නාරම සහ මුලතිවු පළාත්වලින් අවතැන් වූවන් වෙණුවෙන් පුත්තලමේ ඡන්ද මධ්‍යස්ථාන 22 ක් පිහිටුවා ඇති අතර ඒවයෙහි ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයින් 8783 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බවත්,වවුනියාව දිස්ත්‍රික්කයෙන් අවතැන් වූ ඡන්දදායකයින් 775 ක් වෙණුවෙන් අනුරාධපුරයෙහි ඡන්ද මධ්‍යස්ථාන 02 ක් පිහිටුවා ඇති බවත් තේරීම්බාර නිලධාරිවරයා කියා සිටියේය.
පුත්තලමේදී ප්‍රකාශවන ඡන්ද ගණන් කිරීමට පුත්තලමේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන වලදී ඡන්ද ගණන් කිරීමෙන් පසුව ප්‍රතිපල වන්නි දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිපලයට එක් කිරීම පිණිස පුත්තලම් දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරියා විසින් වවුනියාවට එවන බවද බන්ධුල හරිශ්චන්ද්‍ර පැවසීය.
අනුරාධපුරයේ ක්‍රියාත්මක වන අවතැන් ඡන්ද මධ්‍යස්ථාන දෙක සදහා වවුනියාවේ සිට නිලධාරීන් පිරිසක් යවා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඡන්ද පෙට්ටි වවුනියාව දක්වා ප්‍රවාහනය කොට වෙනම ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකකදී එම ඡන්ද ගණන් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු කියා සිටියා.
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 253058 ක් වෙණුවෙන් වවුනියාව,මන්නාරම හා මුලතිවු යන පළාත්වල ඡන්ද මධ්‍යස්ථාන 334ක් පිහිටුවා ඇතැයිද වන්නි දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ අවතැන් වුවෝ පුත්තලමේදි, අ‘පුරෙදි ඡන්දෙ දෙති
සිෂෙල්ස් Monday, 17 August 2015 03:13 AM
ඒ කියන්නේ අවතැන් වූ අය තවමත් ඉන්නවා කියන කතාව සත්‍යයක් (ම)
ඈන් Monday, 17 August 2015 04:47 AM
යුද්ධය ඉවර වුනේ කවද්ද? (නදී)