IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරටත් සෆාරි අභය භූමියක්

(අංජුල මහික වීරරත්න)

උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත  සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.

දැනට උතුරු පළාතේ පාසැල් දරුවන්ට හා වැඩිහිටියන්ට සතුන් පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙන්ම විනෝදාස්වාදය සඳහා  වෙනමම සෆාරි අභයභූමියක් ස්ථාපිත කර නොමැත. බොහෝ අභයභූමි මෙන්ම සත්වෝද්‍යාන ද පිහිටා තිබෙන්නේ දකුණේ නිසා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක ජනතාවට සත්වෝද්‍යාන නැරඹීමට දකුණුනට පැමිණීමට  සිදුව තිබේ.

 උතුරු පළාතේ ස්ථාපිත කිරීමට යෝජිත නව සෆාරි අභයභූමිය සඳහා සුදුසු ඉඩම් පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා වනසම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේය.

දැනට ජාතික සත්වෝද්‍යාන වල වැඩිපුර  සිටින ඇතැම් සත්ව විශේෂ මෙන්ම නාගරික ප්‍රදේශවල දැනට ව්‍යාප්තව සිටින,  ජනතාවගේ ගෙවතුවලට හානිකරන සත්ව විශේෂ මෙම වනෝද්‍යානයට යොමු කිරීමට ඇති හැකියාව ද සොයා බලන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.



අදහස් (2)

උතුරටත් සෆාරි අභය භූමියක්

දිමුත් Wednesday, 02 November 2022 11:05 AM

එතනත් ගිහින් හාන්නද දන්නැහැ?

:       0       8

fairoos Wednesday, 02 November 2022 12:57 PM

පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම කූඩු කරානම් හරි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site