IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

මාතර ගල්බොක්ක ප්‍රදේශයේ නිවසක් තුළ විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි .

සැකකරු උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරමේ නිරත පුද්ගලයකු බවද විශේෂ කාර්ය බළකාය කියයි .

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කොක්මාදූව  විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී  ජපන් යෙන් ලක්ෂයක්, ඇමෙරිකානු ඩොලර්  18208, යූරෝ 20035, ඉන්දියානු රුපියල්  300 , සවුදි රියාල්  500, කුවේට් ඩිනාර්  40, සිංගප්පූරු ඩොලර් 10, එංගලන්ත පවුම්  645, ඩිරාම්  1850, කටාර් රියාල් 1000,  තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු  (27) තරුණයෙකි ඔහු අද(28)  දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත 



අදහස් (4)

උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට

sena Thursday, 28 July 2022 11:52 AM

විදේශ මුදල් ලග තබා ගනීම අපෙ රටේ තහනම්ද?

:       2       8

SirisenaThursday, 28 July 2022 01:03 PM

දූපත්වාසී ජනතාවට විදේශ මුදල් ළඟ තබාගැනීම තහනම්.

:       2       5

siri Thursday, 28 July 2022 03:05 PM

උණ්ඩි කරන්නේ නැතුව කෙලින්ම දිග ඇරලම එව්වානම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ. (තේරෙයිද මන්දා )

:       0       1

මරිසිපාල Thursday, 28 July 2022 07:34 PM

මම දන්නෙ නැහැ උන්ඩියල් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා.. කරුණාකර රටේ ජනතාව බොහෝ දෙනෙක් උන්ඩියල් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ ඒක පැහැදිලි කරන්න. මෙහෙම කරන්නේ බලවතෙක් වෙන්න පුළුවන්... ඔවුන් හඳුනාගෙන කුමක් හෝ දඬුවමක් දෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 272 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 758 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site