(අංජුල මහික වීරරත්න)
උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක් ( මිලියන 1.5ක්) පිරී ඇතැයි උඩවලවේ ඉංජිනේරු කාර්යාලය කළ ගණිතමය අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.
මෙලෙස එකතු වී ඇති රොන් මඩ වල ට්‍රැක්ටර් කියුබ් ප්‍රමාණය පන්ලක්ෂ පන්දහස් නවසියයක් බවද එම මඩ ඉවත් කිරීම මගින් වැඩිවන ජල ධාරිතාවය අක්කර අඩි 1273ක් හෙවත් කියුබික් මීටර් මිලියන දශම 05ක් බව ගණන් බලා ඇත. ඉන් වැඩිපුර වැපිරිය හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 300කි.
උඩවලවේ ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 265කි.
නියඟයෙන් සිදී ගොස් ඇති උඩවලව ජලාශයේ රොන්මඩ ඉවත් කරන්නැයි ගොවීන් කර ඇති ඉල්ලීම පරිදි ක්ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා නිලධාරීන් පිරිසක් උඩවලව ජලාශය වෙත යැවීමට තීරණය තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය රොෂාන් රණසිංහ, වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම, වනජීවී, මහවැලි හා වාරිමාර්ග අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරීන් සහ ගොවි නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් මහවැලි අමාත්‍යාංශයේ දී සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩවලවේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ පහළොවක්
Banda Tuesday, 29 August 2023 01:26 PM
RIP - මේ සියළු ජනපීඩක පාලකයන් අපාගත වේවා
ජනක Tuesday, 29 August 2023 01:39 PM
ඊලඟ පෑවිල්ල එනකම් මූලික සාකච්ඡා තියයි. මේක කෙරන්නේ නැහැ . පට්ට බොරුවක් කරන්නේ....
ගොවිරාල Tuesday, 29 August 2023 01:49 PM
ක්ෂේත්‍ර චාරිකාව ගිහිල්ලා වාර්තාව දෙනකොට ආයෙමත් වැවේ වතුර පිරේවි.සාමාන්‍යයෙන් මේ කාලයේ වැව සිදෙනවා මේ කාලයේ පිරෙනවා කියලා දන්නෝ දනී ඉතින් කරන්න තියෙන්නෙ වැව සිදෙනකොටම රොන්මඩ ඉවත්කර වැව පිළිසකර කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර සැළසුම් සකසා ගෙන සිටීම තමයි
අරුණ Tuesday, 29 August 2023 02:40 PM
මෙය ගොවීන් කියනකම් ඉන්න ඕනේ දෙයක්ද? වගකියයුතු නිලධාරීන්ට මේවා පෙනෙන්නේ නැද්ද. අපි දේශපාලකයන්ට පමණක් දොස්කීම වැඩක් නැත. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවී ඇති බොහෝ නිලධාරීන් හිතලා වැඩ කරන අය නොවේ. චක්‍රලේඛ දිහා බල බලා ලැබෙන පඩියෙන් ජීවත් වෙන පුද්ගලයන්.
sachith Tuesday, 29 August 2023 03:27 PM
ඔය ඔක්කොම අධ්‍යනය කරලා ඕක පටන් ගන්නේ ඊගාව වැස්සට ජලාශේ සම්පූර්ණයෙන්ම පිරුණට පස්සේ .ඊට පස්සේ ඉතින් වතුර ටික ඔක්කොම අහක් කරලා රොන් මඩ ටික අහක් කරලා නියන් කාලේ වෙනකොට වැඩ ඉවර කරයි
demian Tuesday, 29 August 2023 04:12 PM
ඔය නිලධාරීන් කියන පුටු රත්කරන පරපුට්ටන්ට දැන්ද මත වෙලා තියෙන්නේ වැවේ රොන්මඩ අයින් කරන්න ඕනේ කියල. ඇයි සැලැස්මක් හදල තියාගන්න බැරිවුනේ පෑවිල්ල ආවම අයින් කරන්න. දැන් ඕක කොන්ත්‍රාත් දීල පටන් ගන්නේ ලබන අවුරුද්දේ