IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උඩරට දුම්රිය මාර්ගය හදන දිනයක් කියන්න බෑ

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

ඉහළකෝට්ටේ දුම්රිය මාර්ගයේදී මහනුවර කොළඹ නගරාන්තර සීඝ්‍රග්‍රාමී දුම්රිය පීලි පැනීම සහ නාය යාම  හේතුවෙන් අවහිර වූ දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට යුද හමුදා සහාය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 

නයාම හේතුවෙන් දින තුනක කාලයකට උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර 42 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

පීලි පැනීමට ලක්වූ මහනුවර කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මේ වන විට එම ස්ථානයෙන් ඉවත්කොට ඇති බවත් දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකින් නාය යාමට ලක්වූ ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇති බවද එම දෙපාර්තමේන්තුව කියයි.

පවතින අයහපත් කාලගුණය හමුවේ එම පිළිසකර කටයුතු අවසන් වන නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවත් දුම්රිය මාර්ගයට ඉහළින් ඇති අලගල්ල පර්වතයේ සිට විශාල ජල ධාරාවන් දුම්රිය මාර්ගයට පතිත වීම හේතුවෙන් පිළිසකර කටයුතුවලට බාධා පැමිණෙමින් තිබෙන බවද කියයි.

 



අදහස් (1)

උඩරට දුම්රිය මාර්ගය හදන දිනයක් කියන්න බෑ

Sanjeewa Wednesday, 22 October 2025 08:08 AM

ඉක්මනින් පිළිසකර කිරීමට හැකි වේවා අපේ රටේ සුන්දරත්වයේ සොදුරුතම ස්ථාන මේ අවට පිහිටා තිබේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 873 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site