IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් වැටේ

(සමන් පාලිත නානායක්කාර)

උඩරට දුම්රිය මාර්ගයට  බණ්ඩාරවෙල හීල්ඔය දුම්රිය ස්ථාන දෙක අතර 161 වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී අද 29 දහවල් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන්  ගමනාගමනයට නැවතත් බාධා එල්ල වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා පැවසීය.

පවතින ධාරාණිපාත වර්ෂාව සමග දුම්රිය මාර්ගයට පස් කදු කඩා තිබේ.

අද උදෑසන අටයි තිහට පමණ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය හාලිඇල බදුල්ල අතර දී පීලි පැනීමට ලක්වීමෙන් පසු උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබූ අතර එය නැවත පිළිගත කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල හීල් ඔය අතර නාය ගොස් යළිත් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මේ හේතුව නිසා උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියළු දුම්රිය ගමන් වාර බෙහෙවින් ප්‍රමාද විය හැකි බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

 



අදහස් (0)

උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site